භානුක අමරසිංහ
කිංග්ස්බරි හෝටලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජොනතන් අලස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව, ජනවාරි 24 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
වසර 37කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අලස් මහතා මීට පෙර හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළේය.
එසේම, හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර ඒ මහතා අබුඩාබි ජාතික බැංකුව, රියාද්හි සෞදි බ්‍රිතාන්‍ය බැංකුව, මැදපෙරදිග බ්‍රිතාන්‍ය බැංකුව සහ ඩුබායි සහ කොළඹ HSBC බැංකුව යන බැංකුවල සේවය කර තිබේ.
ශ්‍රී ලංකා බැංකු සංගමයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, 2014-16 කාලසීමාවේදී එහි සභාපතිවරයා ලෙසින් ද කටයුතු කර තිබේ. 2018 සිට 2021 දක්වා වසර තුනක කාලයක් ඔහු ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ද විය.
වර්තමානයේදී ජොනතන් අලස් මහතා හේලීස් පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී සහ සිංගර් පීඑල්සී සමාගම්වල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. එසේම, ඔහු යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ, සිලෝන් බෙවරේජර්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී යන සමාගම්වල ද අධ්‍යක්ෂ මණඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජොනතන් අලස්ට කිංග්ස්බරි හෝටල් අධ්‍යක්ෂ ධුරයක්