පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකළ ඇඟලුම් අපනයනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සමස්තයක් ලෙස සියයට 5.23 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් රාජධානිය හැර යුරෝපයට සිදුකළ ඇඟලුම් අපනයනය සියයට 0.81 කින් වර්ධනය වී ඉන් ලැබූ අදායම ඩොලර් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට සිදුකළ ඇඟලුම් අපනයන 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 7.65 ප්‍රතිශතයකින් වර්ධනය වෙමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 675 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ. ඉහත රටවල් හැර අනෙක් රටවල්වලට සිදුකළ අපනයනද 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 10.13 කින් වර්ධනය වෙමින් ඉන් ලැබූ අදායම ඩොලර් මිලියන 778.4 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2022 වසරේදී ඩොලර් බිලියන 5.6 ක් ලෙසත්, 2020 වසරේදී ඩොලර් බිලියන 5 ක් ලෙසත්, 2019 වසරේදී ඩොලර් බිලියන 5.3 ක් ලෙසත් සඳහන් විය. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම වර්ධනයක් පෙන්නුම් කළත් 2022 වසර සාපේක්ෂව එය පහළ යෑමකි.
පසුගිය දෙසැම්බර් මාසයේදී 2023 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව ඇඟලුම් අපනයන ආදායම සියයට 2 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 424 දක්වා ඉහළ ගොස් ඇතත් ඇමෙරිකාවට කළ අපනයනයන සියයට 4 කින් පහළ යමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 424 දක්වාද, එක්සත් රාජධානියට කළ අපනයනයන් සියයට 10 කින් පහළ යමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 49 දක්වාද අඩුවී ඇත.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇඟලුම් අපනයන ආදායම ඩො. බි. 4.76ක්