IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ෆිච් රේටින්ග්ස් බැංකු 10 ක ශ්‍රේණිය ඉහළ නංවයි


විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10 ක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම පසුගියදා ඉහළ දැමීමට කටයුතු කළේය. එසේම තවත් බැංකු කීපයක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම සහතික කිරීමටද ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කළේය.
 
ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය ෆිච් රේටින්ග්ස් ආයතනය මෑතකදී නැවත ක්‍රමාංකණය කිරීමෙන් අනතුරුව මෙරට බැංකු 10 ක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම මෙලෙස ඉහළ දමා ඇත.
 
ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව එලෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ මෙරට බැංකු 10 වේ.
 
අමානා බැංකුව, යුනියන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ කාගිල්ස් බැංකුව ශ්‍රේණිගත කිරීම සහතික කළ බැංකු අතර වෙයි.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් බැංකු 10 ක ශ්‍රේණිය ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site