IMG-LOGO

​ආයතන පවත්වාගෙන ගිය පරිපාලනය ආසාර්ථකයි දූෂිතයි

සමහර ආයතන වසා දමන්නටත් තවත් ඒවා ඒකාබද්ධ කරන්නටත් වේවි
ආයතන ගණනක් රාජ්‍ය අයවැයට බරක්
යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්නටත් අවධානය


අංජුල මහික වීරරත්න


රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සූදානම් බව කී ජනාධිපතිවරයා, සමහර ආයතන වසා දමන්නටත්, සමහර ආයතන ඒකාබද්ධ කරන්නටත් ඇතැම් ආයතනවල විෂය පථය වෙනස් කරන්නටත් සිදුවනු ඇතැයි කීය.
එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ දිනවල හඳුනා ගැනීම් කරමින් සිටින බව කී ජනාධිපතිවරයා, එය අභියෝගාත්මක තීන්දුවක් බව දන්නා නමුත්, කළ යුතුම ක්‍රියාවක් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ යැයි පැවසීය.
මෙතෙක් ආයතන පවත්වාගෙන යාම සඳහා ගෙන ගිය පරිපාලනය අසාර්ථක මෙන්ම දූෂිත විනාශකාරී යැයි කී ජනාධිපතිවරයා, එම නිසා බොහෝ ආයතන ගණනක් රාජ්‍ය අයවැයට බරක් වී තිබෙන බව සඳහන් කළේය.
පැරැණි කෝණයෙන් ආයතන දෙස බලන්නේ නැතිව ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්නට රජය සූදානම් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආයතන ඒකාබද්ධ කොට හෝල්ඩින් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට නිකුත් කරන්නට හැකියාව තිබේ දැයි අධ්‍යයනය කරමින් සිටින බව කී ජනාධිපති අනුර දිසානායක මහතා, එම නිසා රාජ්‍ය සංස්ථා සහ ආයතන පිළිබඳව අලු‍තින් සිතා කටයුතු කරන්නට සූදානම් යැයි කීය.
එමෙන්ම එකම කාර්ය කිරීම සඳහා රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙන බව කී ජනාධිපතිවරයා, සමහර ආයතන ගොඩනැගූ කාලයේ අවශ්‍යතාව තිබුණාට වර්තමානයේදී ඒවායේ අවශ්‍යතාවක් නැති බව සඳහන් කළේය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම ආර්ථික සමුළුව පැවැත්විණි. 



අදහස් (0)

​ආයතන පවත්වාගෙන ගිය පරිපාලනය ආසාර්ථකයි දූෂිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site