IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


SLT-MOBITEL වෙතින් පසුගෙවුම් පැකේජ පෙළක්

SLT-MOBITEL Mobile,  හි ජංගම දුරකථන සේවා අංශයවනSLT-MOBITEL Mobile,  එම සේවාවල කැපීපෙනෙන ඉදිරි පියවරක් තබමින්, ‘M+’ නමින් පසුගෙවුම් කේවල පැකේජ එකතුවක් (M+ Postpaid Individual packages) හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට, නම්‍යශීලී ලෙස සහ විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් මෙම පැකේජ හඳුන්වා දී ඇතැයි එම සමාගම කියයි.
එම සමාගම වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි. 

ඉහළම තලයේ සම්බන්ධතාවක් සමගින් උපරිම පහසුව හා වටිනාකම් එක්කරමින්, පාරිභෝගිකයන්ගේ පසුගෙවුම් ජංගම දුරකථන සම්බන්ධතා අත්දැකීමට නව අරුතක් ලැබෙන ආකාරයට මෙම පැකේජ සැලසුම්කර තිබේ. එමෙන්ම SLT-MOBITEL කේවල පැකේජ එකතුවට ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලයේ පිටුබලය හිමි වී ඇති අතර, එමගින් රට පුරා වෙසෙන පාරිභෝගියන්ට විශිෂ්ට මට්ටමේ සම්බන්ධතාවක් නිසැකවම හිමි වනු ඇත. 

පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට, අදියර 4 ක් යටතේ සම්බන්ධතා පහසුකම් හා ප්‍රතිලාභ හිමිවන පරිදි නව M+ පැකේජ එකතුව හඳුන්වා දී තිබේ. සෑම පැකේජයක් සඳහාම Anytime Any App DATA Bundle (දෛනික සීමා නොමැතිව HD ප්‍රමිතියෙන්) සමග DATA roll over පහසුකම, ඕනෑම ජාලයක් සඳහා අසීමිත ඇමතුම්, ඕනෑම ජාලයක් සඳහා SMS 200 ක්, Facebook, WhatsApp සඳහා අමතර 5GB සහ අමතර ඩේටා භාවිතය සඳහා එක් MB එකකට ශත 10 ක් වැනි තරගකාරී ගාස්තුවක් වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ. 

සියලු‍ම All-in-One පැකේජ සඳහා පොදුවේ හිමිවන ඉහත සඳහන් ප්‍රතිලාභවලට අමතරව, තෝරාගන්නා පැකේජය අනුව විශේෂ ප්‍රතිලාභ හිමි වනු ඇත.

M+ කේවල පසුගෙවුම් පැකේජ එකතුවේ තවත් විශේෂත්වයක් වන්නේ, අවශ්‍ය පරිදි එම පැකේජවලට අමතර විශේෂාංග ඇතුළත් කළ හැකි වීමය. පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි Facebook, WhatsApp හා YouTube ආදිය ඇතුළත් සමාජ මාධ්‍ය පැකේජ, Netflix හා Prime Video ආදිය ඇතුළත් විනෝදාස්වාද පැකේජ සහ Teams, Office 365 හා Google Meet  ආදිය ඇතුළත් ඵලදායීතා යෙදුම් ඇතුළත් පැකේජ මෙන්ම TikTok හා Instagram වැනි සමාජ මාධ්‍ය යෙදුම් සඳහා වූ පැකේජද මෙලෙස ප්‍රධාන පැකේජයට අමතරව ඇතුළත් කළ හැකි වේ. 

 



අදහස් (0)

SLT-MOBITEL වෙතින් පසුගෙවුම් පැකේජ පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site