IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹ තේ වෙන්දේසිය වසර හතරක පසුව යළිත් ලංකා වාණිජ මණ්ඩලයේදී

 

භානුක අමරසිංහ 


කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට ඩිජිටල් වේදිකාවක් හරහා සිදු කෙරුණු කොළඹ තේ වෙන්දේසිය පසුගියදා සිට යළිත් සාම්ප්‍රදායික වෙන්දේසි ක්‍රමයට ලංකා වාණිජ මණ්ඩලයේදි ආරම්භ වූ බව වාර්තා වෙයි. 

කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමය මගින් ගන්නා ලද තීරණාත්මක තීන්දුවකට අනුව යළිත් මෙලෙස සජීවී වෙන්දේසි ක්‍රමය වෙත යොමුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කාර්තුවකට වරක් මෙම අලෙවිය සිදු කිරීම සැලසුම වී තිබේ. 

විශේෂයෙන්ම කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ එම කමිටුව සඳහන් කරන ආකාරයට මෙලෙස සාම්ප්‍රදායික ක්‍රමය යටතේ තේ වෙන්දේසිය පැවැත්වීම හරහා එම ක්ෂේත්‍රයේ දැනුම සහ නිපුණතාව තවදුරටත් පවත්වාගෙන යා හැකි බව පවසයි. එසේම වසර 135කට අධික කාලයක් පුරා තැරැව්කරුවන්, ගැනුම්කරුවන් සහ අලෙවිකරුවන් එකට එක්ව පැවැත්වූ මෙම අවස්ථාව යළිත් ඒ ආකාරයෙන් පැවැත්වීම සුදුසු බවත් ඔවුන් පෙන්වා දෙයි. 

පසුගියදා පැවැත්වුණු මෙම තේ වෙන්දේසිය වඩාත් නිදහස් ආකාරයෙන් පැවැත්වුණු අතර විවෘත වෙළෙඳ පොළ තත්ත්ව යටතේ ඉහළ තරගකාරීත්වයකින් ලංසු ඉදිරිපත් කිරීමට ගැණුම්කරුවන්ට අවස්ථාව උදා විය. එහිදී කවුළු 948කින් තේ කිලෝග්‍රෑම් මිලියන 1ක් අලෙවි වී තිබේ. 

මෙම අවස්ථාවේදී වෙන්දේසි කාමරය නව පරම්පරාවේ ගැණුම්කරුවන්, තැරැව්කරුවන් සහ අලෙවිකරුවන්ගෙන් පිරී තිබූ බවත් සඳහන් වෙයි. ඉන් බොහෝ දෙදෙනකු මීට පෙර මෙවැනි තරගකාරී තේ වෙන්දේසියකට ඉදිරිපත් නොවූවන් වීමත් විශේෂත්වයකි

 



අදහස් (0)

කොළඹ තේ වෙන්දේසිය වසර හතරක පසුව යළිත් ලංකා වාණිජ මණ්ඩලයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site