IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැලිබන් බිස්කට්-වයඹ වි.වි. ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශය අවබෝධතා ගිවිසුමක

අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්වවිද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි. 

මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. කේ. ගමගේ, එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. චිත්‍රනන්ද සහ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය ඩබ්ලිව්. ඩී. එන්. එස්. එම්. තෙන්නකෝන් යන නෝනා මහත්වරුන් ඇතුළුව එම විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම මැලිබන් සමූහය නියෝජනය කරමින් එම සමාගමේ සමූහ ප්‍රධාන මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු ඩබ්ලිව්. ඒ. ඩී. ඩබ්ලිව්. රෝහණ විජේසූරිය, සමූහ කුසලතා සංවර්ධන කළමනාකරු ටී. දිමුත් ලියනගම සහ බඳවාගැනීම් කළමනාකරු සහ මානව සම්පත් හවුල්කරු ප්‍රගීත් දේවසිරිනාරායන යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්වූහ. 

වයඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මට්ටමේ දැනුම හා පළපුරුද්ද ලබාගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයට ඔවුන්ට සීමාවාසික පුහුණු අවස්ථා සහ කළමනාකරණ පුහුණු අවස්ථා පිරිනැමීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණයි. මෙමගින් ඔවුන්ට ප්‍රායෝගික දැනුමක් හා පුහුණුවක් ලබමින්, රැකියාවලට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට තම කුසලතා සහ නායකත්වය හැකියාව වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 

“මෙය අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම හා ප්‍රායෝගික කුසලතා අතර පරතරය අවම කරමින් ඔවුන්ට තම වෘත්තීය ජීවිත සාර්ථක කරගැනීමට වටිනා අවස්ථා රැසක් උදාකර දෙනු ඇතැයි කියා අප සිතනවා.” වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. 

මෙමගින් මැලිබන් සමාගමටද මෙරට දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් සමග සමීපව සම්බන්ධ වීමටත්, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සමග ඇතිකරගෙන ඇති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් ගැනීමටත්, සමාගමේ වටිනාකම් හා මෙහෙයුම් ඉලක්කවලට සමගාමීව රටේ අනාගත නායකයන් නිර්මාණය කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත. 

“මෙම අවබෝධතා ගිවිසුම, ලංකාවේ අනාගත පරපුරේ වෘත්තිකයන් සවිබල ගැන්වීමෙන් රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා මැලිබන් සමාගම දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්.” මැලිබන් සමාගමේ සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු ඩබ්ලිව්.ඒ.ඩී.ඩබ්ලිව්. රෝහණ විජේසූරිය මහතා පැවසීය. 

දශක 70 කට අධික කාලයක පටන් මෙරට බිස්කට් කර්මාන්තයේ පුරෝගාමියකු වන මැලිබන් නවෝත්පාදනය ඔස්සේ රටේ ප්‍රගතියට සුවිශාල දායකත්වයක් ලබා දෙමින් සිටින අතර, වයඹ විශ්වවිද්‍යාලය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම මෙහෙවරෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. 



අදහස් (0)

මැලිබන් බිස්කට්-වයඹ වි.වි. ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශය අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site