IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පෞද්ගලික ණය ගැනීම් ඉහළ ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් වීම ආරම්භ වීමත් සමග ණය ලබාගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ යෑම හේතුවෙන් මෙරට බැංකු, පෞද්ගලික ණය අයැදුම්කරුවන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම රජයට ලබාදී ඇති ණය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇතැයි ද සදහන්ය. 

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට බැංකු, රුපියල් බිලියන 91.6 ක මුදලක් පෞද්ගලික (රාජ්‍ය නොවන) ණය අයැදුම්කරුවන්ට ණය මුදල් ලෙස ලබාදී ඇති බවත් එය සැප්තැම්බර් මස ලබාදී තිබූ රුපියල් බිලියන 88 ට සහ ඔක්තෝබර් මස ලබාදී තිබූ රුපියල් බිලියන 74ට වඩා ඉහළ අගයක් බවත් මහ බැංකු දත්ත වාර්තා වල සඳහන් වේ. ඉකුත් දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 193ක මුදලක් ණය වශයෙන් ලබාදී ඇතැයිද මහ බැංකු දත්තවල සදහන්ය. 

වෙළෙදපොළ ණය පොලී අනුපාත පහත වැටීම මෙලෙස පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඛණ්ඩව වේගවත් වීමට හේතු වී ඇත. මෑත කාලීනව සිදුවුණු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් පසු කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ අනුපාත පහත වැටුණු අතර වෙළෙඳපොළ ණය සහ තැන්පතු අනුපාත ද පහළ යෑම සිදුවිය. 

පසුගිය අගෝස්තු මාසයේදී පෞද්ගලික (රාජ්‍ය නොවන) ණය අයැදුම්කරුවන්ට මෙරට බැංකු රුපියල් බිලියන 135 ක මුදලක් ණය ලෙස ලබාදී තිබූ අතර එය පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රුපියල් බිලියන 88 සහ 74 දක්වා පහළ ගොස් තිබිණි. එහෙත් නැවත වරක් මෙරට ආර්ථිකය ධනාත්මක මාවතක් කරා යොමුවීම ආරම්භ වීමත් සමග පසුගිය ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 74 ක් දක්වා පහත ගොස් තිබූ පෞද්ගලික ණය මුදල් ප්‍රමාණය නැවත වරක් නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 96 දක්වා ඉහළ ගොස් ඇත. 

මේ අතර, බැංකුවලින් රජයට ලබාදෙන ණය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සම්පූර්ණයෙන්ම අඩු වූ නමුත් ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 8.8කින් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 28.4කින් පමණ වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා රුපියල් අර්බුදයකට ලක්ව තිබූ කාලයේදී පවා මෙරට බැංකු ලබාදී ඇති පෞද්ගලික ණය රජයට ලබාදී ඇති ණය ඉක්මවා ගොස් ඇතැයි මහා බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.

මහ බැංකුව විසින් හුවමාරු හරහා සංචිත ණයට ගන්නා විට සහ විවෘත වෙළෙදපොළ මෙහෙයුම් පාලනය කිරීමට මැදිහත්වන විට පවා මෙරට බැංකු පෞද්ගලික ණය ගැතියන්ට ලබාදී ඇති ණය රජයට ලබාදී ඇති ණය ඉක්මවා ගොස් ඇති බවත් පැවැසෙයි. ඉන් ආයෝජන සහ ප්‍රාග්ධන ඉහළ ගොස් ඇති බවත් අතරමැදි ආනයන ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ. 

තිරසාර ණය වර්ධනයක් සහ හිතකර පොලී අනුපාත කොන්දේසි හේතුවෙන්, රටේ ආර්ථික ක්‍රියාකාරකම්, මෙම 2025 වසරේ දී එහි ධනාත්මක ගමන් මගකට යොමු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

 



අදහස් (0)

පෞද්ගලික ණය ගැනීම් ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site