IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව, රාජ්‍ය ප්‍රතිව්‍යුහගත ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම ආරම්භ කිරීමට සූදානම් වෙයි.

ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් මෙරට රැඳී සිටින තකෆූමි කඩෝනෝ මහතා අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව නව ණය ගැනීම්වලට යොමු වීමට සිදු නොවන බව සහතික කරන ආකාරයේ ව්‍යුහාත්මක ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කළ යුතු බවය.

දකුණු කොරියාවේ සිදුවුණු ආර්ථික පෙරළිය සිහිපත් කරමින්, පාලන තන්ත්‍ර වෙනස්වීම් නොතකා, ස්ථාවර නායකත්වය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ශ්‍රී ලංකාවට ද අවශ්‍ය බව කඩෝනෝ මහතා අවධාරණය කර ඇත.
‘කොරියානු රජය පර්යේෂණ සහ සංවර්ධන ප්‍රයත්නයන්ට නායකත්වය දුන්නා, රටේ සමාගම් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දුන්නා සේම, වැඩි ආයෝජනයක් කිරීමට දායක වන්නැයි පුද්ගලික සමාගම්වලට උපදෙස් දුන්නා. දකුණු කොරියාවේ ආර්ථික පෙරළියක් සිදුවුණේ ඒ අනුවයි.’ යැයි කඩෝනෝ මහතා වැඩි දුරටත් පැහැදිලි කළේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි.

“ආණ්ඩුව කළ යුත්තේ මෙයයි. ඔවුන් පුද්ගලික සමාගම් හෝ රාජ්‍ය ව්‍යවසායකයන්ට සහන ලබා දෙන්නේ නම්, මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට උදව් කරන ලෙස ඔවුන්ට උපදෙස් දිය යුතුයි, ණය සහන මත හෝ තවත් ණය ලබා ගැනීම් මත හෝ යැපීම කළ යුතු වන්නේ නැහැ.’ යැයි කඩෝනෝ මහතා වැඩිදුරටත් පැවසීය. යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි ඉලක්කගත කාර්මික ප්‍රතිපත්තිවල ඇති විය හැකි බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා ආර්ථික සමුළුව්දී සාකච්ඡාවට බදුන් විය. ‘රජය මුදල් වියදම් කිරීම පමණක් නොකළ යුතුයි. ඔවුන් ආයෝජනය කළ යුතුයි. ඔවුන් වෙළඳපොළ නියාමනය කිරීම පමණක් නොව, වෙළඳපල නිර්මාණය කළ යුතුයි’ යැයි ද කඩෝනෝ මහතා පැවැසීය.

කොරියානු විදුලි බල සංස්ථාව වැනි ප්‍රධාන ආයතන ඉතා ක්‍රමාණුකූලව, උපායමාර්ගිකව පුද්ගලීකරණය කිරීම ආදිය උදාහරණයට ගනිමින්, දකුණු කොරියාව ඔවුන්ගේ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම පිළිබඳව කඩෝනෝ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

‘ශ්‍රී ලංකාවේ නව රජයට, ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. එය විනිවිදභාවයෙන් යුතුව කිරීම සඳහා, තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම සහ අපනයනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා’ යැයි කඩෝනෝ මහතා අවසන් වශයෙන් පෙන්වා දුන්නේය.



අදහස් (0)

අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site