ව්‍යවසායකයන්ගේ සහන පැකේජයට දුන් සහන කාලය දීර්ඝ කරයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදුන් සහන පැකේජය ලබාගැනීමට රජය දී තිබූ සහන කාලය තවත් දින 10කින් දීර්ඝ කළ බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි. 31 January 2020
ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරමින් රට පුරා සම්මන්ත්රණ ‘ණය තොරතුරු කාර්යාංශය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට බාධකයක්ද ?‘ මැයෙන් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරමින් දිවයිනපුරා සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. 30 January 2020
කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි චීනයේ පැතිර යන නව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක පාඩු විඳීමට සිදුව ඇතැයි විශේෂඥයෝ අද (29) ප්‍රකාශ කළහ. 29 January 2020
ශ්‍රී ලංකාව ගණකාධිකාරීවරුන් බිහිකරන මධ්‍යස්ථානයක් කිරීමට සහාය දෙනවා ශ්‍රී ලංකාව දකුණු ආසියාවට මෙන්ම ලෝකයට ගණකාධිකාරීවරුන් සහ වෘත්තීයවේදීන් බිහිකරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය දෙන බව ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා කොළඹදී පැවැසීය. 23 January 2020
‘කොටස් වෙළඳපොළ යළි යථා තත්වයට ගෙනඑනවා‘ කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 21 January 2020
උතුරට තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15 ක් උතුරු පළාතේ තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15ක් පිහිටුවන්නේ යැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. 19 January 2020
කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා ’’ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා.’’ 18 January 2020
සංචාරක බස්වල කල්බදු වාරික ගෙවන්න සහන කාලයක් විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා බස්රථ යොදවා සිටින සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 January 2020
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය පැකේජයක් බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවාගත නොහැකි තත්වයේ පසුවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සහන පැකේජයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 15 January 2020
ලංකාව - රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළදාම පුළුල් කිරීමට පියවර ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක් දක්වා වැඩි කිරීම සඳහා පුළුල් හා ශක්තිමත් පියවර ගන්නා බව දෙරටේ විදේශ අමාත්‍යවරු කොළඹදී අද (14) ප්‍රකාශ කළහ. 14 January 2020
2025 ඉලක්කය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 10 ක ආදායමක් වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවත් 2025 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අරමුණ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පැවැසීය. 13 January 2020
ද ෆිනෑන්ස් ප්‍රතිසංවිධානය කරන්න පියවර ගන්නැයි මහබැංකුවෙන් ඉල්ලයි ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා ප්‍රතිසංවිධානය කිරිමට පියවර ගන්නැයි එම සමාගමේ සේවක පියවර ගන්නැයි එම සමාගමේ සේවක සංගමය ශ්‍රිලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ. 12 January 2020
බෝට්ටු-නැව් තැනීමට අවශ්‍ය පහසුකම් දෙන බව ඇමැති ප්‍රසන්න කියයි බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය ඉදිරිපත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 09 January 2020
‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී ‘එඩෙක්ස් එක්ස්පෝ’ අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය අද (7) නිවේදනය කළේය. 07 January 2020
පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සඳහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. 06 January 2020
වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව ලෝ ප්‍රකට සී.එන්.එන්. පුවත් සේවය මේ වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. 06 January 2020
පර්පෙචුවල් ව්‍යාපාර අත්හිටුවන්න ගත් තීරණය තවත් මාස 6 කින් දිගු වෙයි මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 06 January 2020
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙයි ලොව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සැසඳීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අද (2) ශක්තිමත් විය. 02 January 2020
විදේශීය සංචාරකයින්ට පමණක් අවන්හල් -හෝටල් පවත්වන්නන්ට දැඩි නීතී දේශීය සංචාරකයින් නොමැතිව , විදේශීය සංචාරකයින් සදහා පමණක් අවන්හල් සහ හෝටල් පවත්වා ගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 02 January 2020
ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇත. 01 January 2020
මුදල් නීති පනතට පිටුපෑ බැංකු 8 කට වැඩ වරදි මුදල් නීති පනතේ නියෝග අනුව ණය අනුපාතික ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ බැංකු අටකට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 31 December 2019
ආසියානු කොටස් වෙළඳපොළේ පසුබෑමක් වර්ෂ අවසාන වෙළඳ කටයුතු අතරතුර ආසියානු කොටස් වෙළෙඳපොළවල අද (31) තරමක පසුබැසීමක් දක්නට ලැබිණි. 31 December 2019
‘සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි’ සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. 29 December 2019
ඩොලර් මිලියන 250ක ආයෝජනයකට විදේශ සමාගමක් එකඟ වෙයි නව රජය බලයට පත් වීමෙන් පසුව ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා විදේශ සමාගමක් එකඟතාවය පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 29 December 2019
‘‘වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කළ යුතුයි‘‘ වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කර ඉහළ නිපුණතාවලින් සමන්විත ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 December 2019
මුල්‍ය ගැටලුවට විසඳුම් සොයන්න ආණ්ඩුවේ අවධානය ආර්ථිකය තුළ නව පිබිදීමක් ඇති කිරීමට සහාය දෙන අතරවාරයේදී මූල්‍ය ක්ෂේත්රයේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ දී අද (27) පැවැසීය. 27 December 2019
ආනයනික අර්තාපල් මිල පහළ බසී ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 කින් පමණ අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 27 December 2019
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැති බව මහබැංකුව කියයි ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශ කළේය. 27 December 2019
ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ. 26 December 2019
ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු කෙරුණි. 23 December 2019
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026