
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේය.
ExpoScaleUp වැඩසටහන යටතේ ඵලදායී අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම කාන්තාවන් ඇතුළු තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සිදුවන අතර තිරසර පිළිවෙත් සහ ස්මාර්ට් දේශගුණික උපාය මාර්ග අනුගමනය කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමද අරමුණු කර ඇත.
වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර දැනුවත් කිරීම සහ පුහුණුව ධාරිතා ගොඩනැගීම සහ අපනයන අලෙවිකරණ සැලසුම් කිරීම වෙළෙඳ ප්‍රදර්ශන සහ B2B රැස්වීම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශ සහාය ලබාගැනීම ඒ යටතේ සිදුවනු ඇත.
සැකසූ ආහාර සහ බීම වර්ග, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, ශාකසාර ආලේපන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සේවා කළමනාකරණය (BPO) සේවා සහ හස්ත කර්මාන්ත සහ ජීවන රටා නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුළු හා මධ්‍ය ව්‍යාපාර ගෝලීයව නැංවීමට ExpoScaleUp ඇරැඹේ