දශක දෙකක කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ Fadna තම දැක්මට අනුව පාරිභෝගිකයන් ප්‍රීතිමත් හා නිරෝගී ජන සමාජයක මූලාරම්භකයන් බවට පත් කරමින්, කොළඹ විශ්ව විද්‍යාලය සමග එක් වී හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ්, වර්නොලැක් හා සැටිණි යන නිෂ්පාදන ත්‍රිත්වයම, කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක ඇතුළු කණ්ඩායම කළ සමීක්ෂණයකදී සියයට 90කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනා ඇතැයි අනාවරණය වී ඇත.
මෙම නිෂ්පාදන සියල්ලම ස්වාභාවික නිෂ්පාදන වන අතර කොළඹ විශ්ව විද්‍යාලය සමග එකතු වී 2022 වසරේදී වෙළෙදපොළට හඳුන්වා දී ඇත. එම නිෂ්පාදන අතර සන්ධි වේදනාවට ස්වාභාවික විසඳුමක් ලෙස හඳුන්වා දුන් ඔර්තෝ ශිල්ඩ් නිෂ්පාදනය සියයට 90. 3ක, පිළිකා පියවි සෛල මර්දනය කිරීම සඳහා හඳුන්වා දුන් වර්නොලැක් නිෂ්පාදනය සියයට 94ක සහ හිස කෙස් වැටීම නතර කර හිස කෙස් වර්ධනයට සහාය දෙන සැටිණි නිෂ්පාදනය සියයට 90ක පාරිභෝගික තෘප්තිමත්භාවයක් දිනා ඇතැයි තහවුරු විය. මෙහිදී ශ්‍රී ලාංකික පාරම්පරික හා ආයුර්වේද දැනුම භාවිත කර, දේශීය විශ්ව විද්‍යාල සමග එක් වී විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ක්‍රියාකාරිත්වය විද්‍යාත්මකව තහවුරු කර භාවිතයට පහසු ආකාරයෙන් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළට නිකුත් කර ඇති Fadna, ශ්‍රී ලාකික විශ්ව විද්‍යාල ඔස්සේ බිහි වන සාර්ථක පර්යේෂණවල ප්‍රතිඵල සමාජ ගත කරමින්, පාරිභෝගිකයන්ට ක්‍රියාකාරීල ගුණාත්මක බවින් සපිරි නිෂ්පාදන හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Fadna - කොළඹ වි. වි. හඳුන්වා දුන් නිෂ්පාදන තුනට ඉහළ පාරිභෝගික විශ්වාසයක්