IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ‍්‍රී ලංකාව ප‍්‍රථම සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන අරඹයි

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය ක්‍රියාත්මක කළ ජාතික මෙහෙවරක්


ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP)  ආරම්භ කරමින්  ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB)  සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමෙහිලා මෙවැනි වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙයයි.  

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොන්ග‍්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප‍්‍රධාන විධායක නිලධාරී සෙන්තිල් ගෝපිනාත් යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

මෙරට සංවිධාන නායකයන් සහ වෘත්තිකයන් ගෝලීය වේදිකාව මත ශ‍්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ක්‍රියාකරවීමෙහිලා සම්බන්ධ කර ගැනීම සහ බලගැන්වීම ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහනේ අරමුණ වේ. දැනටමත් තානාපතිවරුන් 25 දෙනෙක් බඳවා ගෙන ඇති SLCAP එම තානාපතිවරුන් නියෝජනය කරන ක්ෂේත‍්‍රවල ජාත්‍යන්තර සම්මේලන ශ‍්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමෙහිලා සහය වනුඇත. මෙරට රැස්වීම්, දිරීගැන්වීම්, සම්මේලන සහ ප‍්‍රදර්ශන  (MICE)  අංශය නව මාවතකට යොමු කරමින් තිරසාරත්වය සහ දැනුම් හුවමාරුව ප‍්‍රවර්ධනය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ යි.

SLCAPදියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්හී ප‍්‍රධාන විධායක නිලධාරී මිකෙල් ස්වෙන්සන් මහතා මෙසේ පැවසීය. ‘පරිපූර්ණ සහ ප‍්‍රවීණත්වයෙන් යුත් සංචාරක අත්දැකීම් පිරිනමන සංචාරක ක්ෂේත‍්‍රයේ විශේෂඥයකු ලෙස සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සමග එක්ව මෙම පරිවර්තනීය මුලපිරීම ඉදිරිපත් කිරීමට ලැබීම ගැන ආඩම්බර වෙනවා. අපගේ ගැඹුරු දේශීය දැනුම සහ පුද්ගලාරෝපිත ප‍්‍රවේශය, ජාත්‍යන්තර සම්මේලන සඳහා ප‍්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කරම්න් එහි සුවිශේෂී පිරිනැමීම් ලොවට ප‍්‍රදර්ශනය කිරීමට අපිට අවස්ථාව ලබාදේවි.

එක් වහලක් යට 5000 ක් පමණ පිරිසකට ආගන්තුක සත්කාර සිදුකළ හැකි ධාරිතාවකින් යුත් සිනමන් ලයිෆ් ඇට් සිටි ඔෆ් ඩ්‍රීම්ස්  ශ‍්‍රී ලංකා සමග අපි ශ‍්‍රී ලංකාවේ MICE කර්මාන්තය මෙහෙයවමින් ව්‍යාපාරික ඉසව් සඳහා කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස රට ස්ථානගත කරන්නෙමු. අපගේ හවුල්කරුවන් සහ තානාපතිවරුන් සමග එක්ව මෙරට හැකියාව සහ එහි ආකර්ෂණය ශක්තිමත් කරන ගතික වේදිකාවක් SLCAP  විසින් නිර්මාණය කරනු ඇත.’’  

SLCAP වැඩසටහනේ උපායමාර්ගික අරමුණු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සහ ශ‍්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මෙසේ පැවසුවේ ය. ‘ශ‍්‍රී ලංකාව ගෝලීය  MICE  මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමෙහිලා වූ අපගේ මෙහෙවරේ වැදගත් ඉදිරි පියවරක් SLCAP නියෝජනය කරයි. ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සඳහා ලංසු තැබීමට දේශීය සංවිධාන නායකයන් උනන්දු කිරීමෙන් සහ සන්නද්ධ කිරීමෙන් මෙම කර්මාන්තයේ විශාල ප‍්‍රගතියක් ඇති කරමින් සැලකිය යුතු ආර්ථික සහ සාමාජීය ප‍්‍රතිලාභ ගෙන ඒමට අපිට හැකි යි.’’ 

මෙම ජාතික වැඩසටහන සදහා වූ හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටාල් මහතා මෙසේ පැවසුවේ ය. ‘ඉදිරි සම්මන්ත‍්‍රණ සඳහා පැමිණෙන නියෝජිතයන්ට සහ සම්මන්ත‍්‍රණ සඳහා සැපයුම් සහය ලබා දෙමින්  SLCAP  වෙත සහය දැක්වීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවය ඉතාමත් සතුටෙන් ඉදිරිපත් වුණා. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ ගෝලීය ප‍්‍රවේශය ශක්තිමත් කරනවා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ආශ්චර්යය ලෝකය සමග සම්බන්ධ කිරීමේ අපගේ දැක්ම සමග ද මනාව සැසඳෙනවා.



අදහස් (0)

ශ‍්‍රී ලංකාව ප‍්‍රථම සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site