Ceylon Pharma College කළමනාකරණ අධ්‍යක්ෂ සහ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් කළ වෘත්තිකයකු වන දිලිප් ෆොන්සේකා විසින් රචිත Rising Above Challenges for Success’ කෘතිය ඉන්දියාවේ නව දිල්ලියේ මයුර් විහාර්හි පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලේදී එළි දක්වන ලදී. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සහ අධ්‍යාපනඥයෝ රැසක් සහභාගී වූහ.
සාර්ථකත්වය කරා පැමිණි ගමනේදී ඔහු මුහුණ දුන් අභියෝග ජය ගනිමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් එම කෘතිය රචනා කර ඇත. අධ්‍යාපනඥයන්ට, සිසුන්ට, වෘත්තිකයන්ට, ඖෂධවේද ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට නව්‍යකරණය, කැපවීමෙන් වෘත්තීය සහ පෞද්ගලික වර්ධනය ළඟා කර ගැනීමට එම කෘතිය ඉවහල් වනු ඇත.
වසර ගණනාවක් රජයේ ඖෂධවේදියකු ලෙස සේවය කළ ෆොන්සේකා පසුව ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියමුවකු බවට පත් විය. ඔහු 2020දී ඇරැඹූ Ceylon Pharma College වර්තමානයේදී ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයක් බවට පත් වී තිබේ. ඔහු 3,000කට අධික වෘත්තිකයන් පිරිසකට දැනුම සපයා ඇති අතර වර්තමානයේදී Ceylon Pharma College ඉගැනීම අවසන් කර ඇති සිසු කණ්ඩායම් සංඛ්‍යාව 23කි.
එය ශ්‍රී ලංකාවේ ඖෂධවේදය පිළිබඳ විශිෂ්ටම අධ්‍යාපන ආයතනය ලෙස Asia Miracle හා Pinnacle සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. ෆොන්සේකා ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් Asia’s Icon සම්මාන උළෙලේදී ඖෂධවේද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී චින්තකයා’, Asia Awards සම්මාන උළෙලේදී සම්මාන උළෙලේ‘Excellence in Pharama Education’ යන සම්මානවලින් පිදුම් ලැබීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Ceylon Pharma ප්‍රධානියාගේ කෘතිය නවදිල්ලි නුවරදී එළිදකී -