IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලුත් ගනුදෙනු සතියක වර්ධන අපේක්ෂා

අලුත් ගනුදෙනු සතියක් සඳහා කොළඹ කොටස් වෙ​ෙළඳ පොළ අද ආරම්භ වන අතර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අනාවරණය කරන අය වැය ලේඛනය ඉදිරිපත් කරන්නට කලින් යුහුසුළුවීමක් අපේක්ෂා කළ හැකිවේ. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක නායකයන් ගේ සමුළුව සඳහා අද පිටත්ව යාමට නියමිතය. 

එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත්වෙන අතර ලෝක නායකයක් හතළිස් දෙනකු හා ඇමැතිවරු හාරසියයක් පමණ සහභාගී වනු ඇතැයි දැක්වේ. ජනාධිපති අනුර මෙම සමුළුව පෙබරවාරි 12 වැනි දා පස්වරු 2.30 ට ඇමැතීමට නියමිතය. ඉන්දියාව, චීනය හා මැද පෙරදිග රටවල් ඇතුළු ලෝක නායකයන් සමග පවත්වන සබඳතා ආන්ඩුවේ ඉදැරි සැලසුම් සඳහා ඉතාම වැදගත් වේ. මෙයින් ඇතිකරන බලපෑම අනුව ආර්ථිකය ධනාත්මක පැත්තට හැරවිය හැකි වුවහොත් කොටස් වෙ​ෙළඳ පොළ තවදුරටත් ඉහළ පිබිදීමක් අපේක්ෂා කළ හැකිය.

(පෙබ.07) සිකුරාදා ගනුදෙනු අවසානයේ දී කලින් දි තරමක වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිවිය. අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,734.68ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 227.95 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,992.14 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 68.85 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය. 

වෙ​ෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 4,763 ක් දක්වා අඩු වී තිබුණි. ගනුදෙනු ප්‍රමාණයහා පිරිවැටුම කලින් දිනවලට සාපේක්ෂව අඩුය. ගනුදෙනු 18,184 ක් වූ අතර පිරිවැටුම රු. බිලියන 2.06 කි. අලුත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන් පරෙස්සම්වන ආකාරයක් සිකුරාදා දිනයේ දී ද පැවැතිණ. 

ලැයිස්තුගත සමාගම් 183 ක පමණක් කොටස් මිල ඉහළ ගියේය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු මිලියන 423 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 88 ක්, සී.අයි.සී. රු. මිලියන 88 ක්, සහ මෙල්ස්ටාකෝප් රු. මිලියන 85 ක්, මෙදින කොටස් හුවමාරුවේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. ඉන්ඩ්‍රස්ටියල් ඇස්පරගස් සියයට 33.33 කින්, කලම්බු සිටි හෝලිඩි සියයට 24.92 කින්, සිලෝන් ප්‍රින්රේස් මෝටර්ස් සියයට 11.92 කින්, සිලෝන් කම්බැජ් සියයට 11.76 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් අතර ඉදිරියෙන් සිටියේය. එස්.ඊ.එම්.බී. ෆිනෑන්ස් සියයට 33.33 කින් යූ බී ෆිනෑන්ස් සියයට 12.50 කින් සහ ටීස් ඇග්‍රෝ සියයට 8.33 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් පහළට වැටී තිබුණි. 

නිරීක්ෂක



අදහස් (0)

අලුත් ගනුදෙනු සතියක වර්ධන අපේක්ෂා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site