IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් වසර 20ක මෙහෙවර සමරයි

  • රෝහල් පහසුකම් නැංවීමට සුවිශේෂී දායකත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ, කාර්ය මණ්ඩලයේ සහ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් සිය 20 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදී. මෙරට සෞඛ්‍ය සේවා අංශය වෙත පසුගිය දශක ද්විත්වය තුළදී නව අරුතක් එකතු කරමින් නවෝත්පාදනය, සවිමත් බව සහ අසමසම විශේෂඥතාව සම්මිශ්‍රණය වූ ඒකාබද්ධ විසඳුම් ලබා දීමේ පුරෝගාමියකු ලෙස ඔවුන් සිය ස්ථාවරය සාර්ථකව සනිටුහන් කරගෙන ඇත.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත කුලරත්න මහතා මෙසේ සඳහන් කළේය. ”‍ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තුළ නව පරිවර්තනයක් කිරීමේ දැක්ම සහිතවයි.ඒ අනුව පසුගිය වසර 20 තුළ, විවිධ අර්බුදවලට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් රටේ සෞඛ්‍ය සත්කාර සහ පහසුකම් පිළිබඳ ප්‍රමිති නැවත අර්ථ ගැන්වීමට පුරෝගාමී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබුණා. අප ගොඩනගාගෙන ඇති විශ්වාසය, අපගේ නවෝත්පාදන සහ අපගේ සේවා ඔස්සේ අපට බේරාගැනීමට ලැබුණු ජීවිත ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.”‍ 

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භ කරන ලද්දේ ජාතියේ සෞඛ්‍ය සේවා පද්ධතියට විශාල හානියක් සිදුකළ 2004 වසරේ විනාශකාරී සුනාමිය ව්‍යවසනය මධ්‍යයේය. එම ආපදා තත්වය හමුවේ මෙරට රෝහල් පද්ධතිය දැඩි සේ බිඳ වැටුණු අතර, සුදුසු යටිතල පහසුකම් නොතිබුණු බැවින් ජාත්‍යන්තර ආධාරකරුවන්ගෙන් හිමිවූ උපකරණ භාවිත කිරීමට ද නොහැකි විය.එම අවස්ථාවේදී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විදෙස් ආධාරකරුවන් සහ දේශීය සෞඛ්‍ය සේවා අංශය අතර අත්‍යවශ්‍ය ඉංජිනේරු පාලමක් ලෙස මැදිහත් වී සිය සේවය ලබාදෙමින් උපකරණ සැපයීමෙන් ඔබ්බට ගමන් කරමින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ස්ථාපිත කිරීම දක්වා වූ දැවැන්ත මෙහෙවරක් සිදුකළේය. මේ ඔස්සේ ලාබදායී සෞඛ්‍ය සේවා විසඳුම් පිළිබඳ වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස ආයතනයේ ආරම්භය සනිටුහන් විය.

දිවයින පුරා රෝහල් 24ක් නවීකරණය කරන ලද ජාතික වෛද්‍ය තාක්‍ෂණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට 2007 දී ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් විසින් සිය නායකත්වය සපයන ලදී. ඔස්ට්‍රියානු මූල්‍ය ආධාර යටතේ ඇරඹූ එම ව්‍යාපෘතිය යටතේ CT ස්කෑනර් යන්ත්‍ර, ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, වීඩියෝ එන්ඩොස්කොපි පද්ධති, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර (ventilators)  සහ විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) වැනි උසස් තාක්ෂණය මෙරට රෝහල් පද්ධතියට හඳුන්වා දුන් අතර, වැඩිදියුණු කළ සෞඛ්‍ය සේවා සඳහා පදනම සකස් කළේය. එමෙන්ම 2012 වසරේදී, ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ කැතීටරීකරණ රසායනාගාර (catheterisation labs )  නවීකරණය කිරීමෙන්, අති නවීන කැත් රසායනාගාර (cath labs) සහ echo-Doppler  ඒකකවලින් සන්නද්ධ කරමින් ශ්‍රී ලංකාවේ හෘද සත්කාරය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නැංවීමට ද සමාගම කටයුතු කළේය.

2014 දී, සමාගම විසින් මෙම පහසුකම්වල පරිවර්තනීය වෙනසක් සිදුකළ සුවිශේෂි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර ඒ හරහා ජාතික රුධිර බැංකුව තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව කලාපීය මට්ටමෙන් නව මධ්‍යස්ථාන 19ක් ස්ථාපිත කිරීම සහ රුධිර බැංකු 96ක් අති නවීන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම වැනි දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියත්මක කළේය. යුරෝ මිලියන 25ක මූල්‍ය දායකත්වයක් සමඟ දියත් කළ මෙම ව්‍යාපෘතිය රුධිර ගබඩා කිරීම සහ පාරවිලයන ප්‍රමිති ඉහළ නංවමින් ජීවිත බේරා ගැනීමට සහ පහසුකම් සැපයීමට ඇති කාර්යක්ෂමතාව මෙන්ම විශ්වසනීයත්වය සහතික කළේය.

නවෝත්පාදනය සහ දේශීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ධනය සඳහා දක්වන කැපවීම ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය තුළ කැපී පෙනෙන වෙනස් ගුණාංග ලෙස හැඳින්විය හැකිය. 2012 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරීත්වයක් අරඹමින් ශ්‍රී ලංකාවේ පළමු ජෛව වෛද්‍ය පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරය ස්ථාපිත කිරීම එම කැපවීම මැනවින් පිළිබිඹු කළ කදිම නිදසුනකි. එමඟින් සෞඛ්‍ය සේවා තාක්‍ෂණය පිළිබඳ දේශීය විශේෂඥතාව පෝෂණය කරමින් රටේ පළමු ජෛව වෛද්‍ය ඉංජිනේරු උපාධි වැඩසටහන සඳහා මාවත සකස් කළේය. කොවිඞ්-19 වසංගත කාල වකවානුව තුළදී ජංගම දැඩි සත්කාර ඒකකයක් නිර්මාණය කර පරිත්‍යාග කිරීමෙන් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය නැවත වරක් එහි වෙළෙඳපළ නායකත්වය පසක් කළේය.

 



අදහස් (0)

ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් වසර 20ක මෙහෙවර සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site