IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


කුඩම්මාගේ සැලකිලි ලබන වියලගොඩ ගොවියෝ

පණුගල අමුණ, එහි වේළී කැඩී බිඳී වසර ගණනක් 

රුපියල් කෝටි ගණන් වෙන්වී ඇති ‌බව කිව්වත් කිසිදු වැඩක් කෙරී නෑ

සල්ලි ආපහු ගිහින් කියා ගොවියා නොමග යවනවා විතරයි

වේයන්ගොඩ කුඹුරු අක්කර 400 ක් ඇතුළත්ව බෙම්මුල්ල පේරුවේ අක්කර 1200 ක වගාව නැවතිලා


මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි


වේයන්ගොඩ ප්‍රදේශයේ කුඹුරු අක්කර 400 ක් ඇතුළත්ව බෙම්මුල්ල පේරුවේ අක්කර 1200 කට වැඩි කුඹුරු ප්‍රමාණයකට දියවර සැපයූ වියලගොඩ පණුගල අමුණ හා එහි වේලී කැඩී බිඳී වසර කිහිපයක් ගතව ඇතත් ඒවා පිළිසකර කරන්නට බලධාරීන් මෙතෙක් අපොහොසත්වීම නිසා කන්න හතරක් තිස්සේ තමන්ගේ වී ගොවිතැන සම්පූර්ණයෙන්ම අඩාලවී ඇතැයිද යල කන්නයට පෙර අමුණ හා වේලි සකස් නොකළහොත් ඉදිරියට බත්කෑම සිහිනයක් පමණක් වනු ඇතැයි වියලගොඩ ගොවීහු පවසති.

පණුගල අමුණ කැඩී බිඳී ගොස් ඇති බවට ලත් තොරතුරක් අනුව ලංකාදීපය ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ කළ සංචාරයේදී මේ බව අනාවරණය විය. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහාවාරි කෘෂිකර්ම වැඩ පිළිවෙළ යටතේ දී-ඇල් ඔය හරස් කර පණුගල අමුණ සකස් කර ඇත්තේ මීට වසර හැත්තෑවකට පමණ ඉහතදීය. මේ අමුණේ වැදගත්කම හේතු කොට ගෙන 1994 දී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීමෙන් අමුණේ නිසි ප්‍රතිසංස්කරණයක් කළ බවට සිහිවටන ඵලකයක්ද ඇත්තේය. එහෙත් අමුණේ ආරම්භය සඳහන් කෙරෙන සිහිවටන ඵලකය අද දක්නට නැත. එම සිහිවටන ඵලකය රට හදන ඇත්තන්ගේ දැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව දැකිය හැකිය.

2021 මාර්තු මාසයේ මහ වැස්සත් සමග අමුණේ බැමි කඩාවැටුණු බවත් ඒවා නිසි පරිදි සකස් කරන්නට පියවර නොගත් බැවින් මේ විනාශය සිදුව ඇති බවත් ගොවීන් පෙන්වා දුන්නේ මහත් ශෝකයෙනි. අමුණට ඉහළින් ස්ථාන දෙක තුනකින් දීඇල් ඔයේ ඉවුර කැඩුණු තැන්වලට වැලි කොට්ට තබා ඇති අන්දම දැකිය හැකිය. එම ඉවුරු නිසි පරිදි සකසන්නට වසර දෙක තුනක් තිස්සේ පියවර ගෙන නැති නිසා කිසි විටක අමුණ වසා ගොවි බිමට ජලය ලබා ගැනීමේ අවස්ථාව ගිලිහි ඇතැයිද එහි අමුණ වැසුවොත් කැඩුණු ඉවුරුවලින් ජලය පිටාර ගලා ගම යටවෙන බවද ගොවීහු පෙන්වා දෙති.

අමුණේ ගැලවී ඇති ගල් බැමි හා ජල කද වෙනත් මං ඔස්සේ ගමන් කිරීම වළක්වන්නට රුපියල් කෝටි ගණන් වෙනවී ඇති බව නිලධාරීන් පසුගිය වසර කිහිපය තිස්සේම සඳහන් කළද කළුගල් කියුබ් සියයක් පමණ ගෙනැවිත් දැමීම හැරෙන්නට වෙනත් කිසිදු වැඩක් කෙරී නැති බවද දැනගත හැකි විය.

අමුණේ කැඩුණු තැනකට කුඹුරුවලින් පස් කපා ගොඩ කිරීම නිසා අක්කර හතරක් පමණ අතහැර දමා ඇති අයුරු දැකිය හැකිවිය.

 

පණුගල අමුණ ගොවි සමිතියේ සභාපති ජේ. පී. විජේසිංහ මහතා මෙසේ කීය.

2021 වැස්සත් එක්ක අමුණේ බැමි ගැලවී වැටුණා. ඉවුරු පෙරලීලා ගියා. ඊට පස්සේ 2024 දීත් අමුණේ ඉවුරු කඩා වැටුණා. ඒවා සකස් කරනවා කිව්වාට තවම හදලා නැහැ. අද හදයි හෙට හදයි කියා අපි බලාගෙන ඉන්නවා.

 

කේ. ඒ. නිමල් කරුණාතිලක මහතා ද මේ පණුගල අමුණේ සෙවණින් ගොවිතැනින් දිවි ගෙවූ ගොවි මහතෙකි. ඔහු මෙසේ කීය.

ගතවු වසර තුතට දෙවතාවක් අමුණ කැඩුණා. ඔයේ ඉවුරු බිදී ගියා. නිලධාරින් කළේ තාවකාලික පැලැස්තර විතරයි. ස්ථිර වැඩ පිළිවෙළක් කරන්නට ඉල්ලු‍වත් එම ඉල්ලීම බීරි අලින්ට වීණා ගැයීමක් වගේ වුණා. 2011 ඉවුරු කැඩී යාමෙන් අපේ කුඹුරු වැලි පස්වලින් යටවුණා. ඒවා ඉවත් කරන්නට මහත් වෙහෙසක් ගන්න සිදුවුණා. ඒවා ඉවත් කරන්නට දැඩි කොන්දේසි මත අවසර ලැබුණා. බර යන්ත්‍ර සූත්‍ර යොදා ගන්න තහනම් කියා අපිට ලිඛිතව දැනුම් දුන්නා. අපිට නීති රිති එහෙම වුණාට 2024 මාර්තුවලදී ඉවුර කැඩුණාම බලධාරීන් ඉතාමත් බර යන්ත්‍රයක් අැලේ කුඹුරු උඩින් ගමන් කරවන්නට කටයුතු කළේ අපේ වගා විනාශ කරවමින්. මම මේ ගැන පොලිසියටත් පැමිණිල්ලක් කළා. 

එහෙම කුඹුරුවලින් බර යන්ත්‍ර ගෙන යාම වැරදියි. මේ අමුණ මහා වාරි වැඩ පිළිවෙළ යටතේ තියෙන එකක් නිසා ඔයේ ඉවුර වාහනයක් යන්න පුළුවන් විදියට තියෙන්න ඕනෑ. දැන් ඔයේ ඉවුරු නැහැ. කැඩිලා. නැත්නම් ඉඩම් වලට කොටු වෙලා. කිසිම නිලධාරියෙක් ඒවා ගැන කිසි විටෙක බලලා නැහැ. ඒ වුණාට කාර්යාලය තියෙන්නෙත් අල්ලපු වැටේ. අමුණ හදන්න කියලා ගෙනා ගල් කියුබ් 100 ක් විතර ගෙනත් දාලා කාලයක් වෙනවා. එච්චරමයි. මහ පොළවේ පිහිටි පණුගලත් කඩා දමලා දැන් වතුර ගමන් කරන්නේ වෙනත් දිසාවකටයි.


ජේ. පී. ගුණතිලක මහතා මෙසේ කීය.
අත්තනගල්ලේ මහ අමුන ලෙස සැලකෙන මේ අමුණ නිසා රටට බත සැපයුවා. මෙහි වටිනාකම නිසාම 1994 දී එවකට ජනාධිපතිතුමියගෙන් කළ ඉල්ලීම මත ප්‍රතිසංස්කරණයක් කරන්නට පුළුවන් වුණා. ඊට පස්සේ කිසිම දෙයක් වෙලා නැහැ. තැනින් තැන ඉවුරු කැඩීලා ගියා විතරයි. අමුණේ ගල් බැමි පෙරලු‍නා විතරයි. ඒවාට ස්ථිරසාර විසදුමක් දෙන්න කිසිම නිලධාරියෙක් මෙතෙක් සමත්වුණේ නැහැ. 

මේ අමුණ නැති නිසා බෙම්මුල්ල පෙරුවේ කුඹුරු අක්කර 1500 කට විතර බලපෑමක් ඇති වෙනවා. එහෙම වාතාවරණයක් තිබුණත් ගොවියාට වතුර ටික දෙන්න කිසිම නිලධාරියෙක් පියවර අරන් නැහැ. සමබන්ධීකරණ කමිටුවටත් කිව්වා. අඩු ගානේ ඒකේ න්‍යාය පත්‍රයටවත් මේ ගැටලු‍ව ඇතුළත් කර තිබුණේ නැහැ. මම ඉදිරිපත් වෙලා කරුණු කිව්වාමයි කතාවට ගත්තේ. හදනවා හදනවා කියනවා විතරයි. මහාවාරි කිව්වාට මෙහෙම ගියාම බත් ඇටයක් කන්න නැති වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ වැස්සට ඉස්සර වෙලා අමුණ හදලා වේලි බැඳලා නුදුන්නොත් අපිටත් රටටත් බත් කන්න නැති වෙන එක සිකුරුයි. දැනටත් කන්න හතරකින් වී ඇටයක් නැහැ. ඉංජිනේරුවො කරන්නේම බොරු විතරයි. කෝටි එකහමාරක් පාස්වුණා කිව්වා. ශතයක දෙයක් කෙරුණේ නැහැ. දැන් කියනවා සල්ලි ආපහු ගිහින්ලු‍. ගොවියා නොමග යවනවා විතරයි. 

මේ අමුණ වහා අලු‍ත්වැඩියා කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කර ඇති බව ප්‍රද්ශයේ ගොවිජන සේවා නිලධාරීන්ගෙන් කළ විමසීමේදී දැනගනන්ට ලැබිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පණුගල අමුණ කාර්යාලයේ නිලධාරීන් කාර්යාලයේ නොවීම නිසා හමුවීමට ඉඩ නොලැබුණු අතර ගම්පහ වාරි මාර්ග කාර්යාලයේ ඉංජිනේරුවරයාට දුරතකනයෙන් කළ ඇමතීමේදී පිළිතුරු දුන් නම සඳහන් නොකළ නිලධාරිණියක පැවසුවේ පණුගල අමුණද ඒක හදනවානේද යනුවෙනි.



අදහස් (0)

කුඩම්මාගේ සැලකිලි ලබන වියලගොඩ ගොවියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 61 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 118 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 185 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 26 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1192 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 299 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1334 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site