ස්වාභාවික උවදුරු කර්මාන්තයට තර්ජනයක්
රොජර්සන්ගම ගම්මානයේ පිහිටුවූ කිතුල් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානය ගඟට කැපූ ඉනි වගේ
කෘත්‍රිම මල් බෙහෙත් කිතුල්වගාවේ විනාශයට හේතුවක්
ගුණාත්මක භාවයෙන් ඉහළ කිතුල් පැණි සහ හකුරු වෙනුවට සීනි යෙදූ හකුරු පැණි වෙළෙඳ පොළට ඇවිත්
නාවලපිටිය සිසිර ලලිත් කුමාර
කොත්මලේ කියූ සැණින් මතකයට එන්නේ කිතුල් හකුරු, පැණි සහ කිතුල් රා ය. එහෙත් වර්තමානය වනවිට කොත්මලේට වටිනාකම් ගෙනා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වන සත්ව උවදුර මෙන්ම කූට වෙළෙඳුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින හීන වී යෑම පිළිබඳව බලධාරින් ගේ කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇත.
අනාදිමත් කාලයක සිට කොත්මලේ කිතුල් හකුරු, කිතුල් පැණි සහ කිතුල් රා සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එය දෙස් විදෙස් වෙළෙඳපොළේද වැඩි ඉල්ලුමක් සහිත නිෂ්පාදන ද විය.ඊට අමතරව කොත්මලේ ට පරිබාහිරින් බොහෝමයක් දෙනා පැමිණෙන්නේ ද කොත්මලේ “රා” පොඞ්ඩක් තොළ කට ගෑමටය. කොත්මලේ පිරිසුදු කිතුල් රා සෙවීම කළුනික සෙවීමට සමාන වුවද අදවනවිට කොත්මලේ පිරිසුදු කිතුල් හකුරු කෑල්ලක් සමඟ තේ උගුරක් බීමටද කිතුල් පැණි ටිකක් පොල් සමඟ මුසුකර කෑමද කළුනික සෙවීමට එහා ගිය කාරණයකි. මේ ඒ පිළිබඳව තබන සටහනකි.
පොල්, තල් මෙන්ම කිතුල් ගස ද සාමාන්‍ය වශයෙන් සලකන කල අපට පෙනී යන්නේ තාල වර්ගයේ ගස්වලින් ඖෂධීය වශයෙන් එතරම් ප්‍රයෝජනයක් නැති බවය. එහෙත් ඒ පිළිබඳ අවබෝධයෙන් බැලූ විට පොල්, තල් මෙන්ම කිතුල්වල ද ඖෂධීය වශයෙන් ඉතා වටිනා ප්‍රයෝජන රාශියක් ලබා දෙන බව අවබෝධ කර ගත හැකිය.
උෂ්ණ තෙත් දේශගුණයක් හෝ උෂ්ණ වියළි දේශගුණයක් හෝ ඇති තෙතමනය සහිත ප්‍රදේශවල කිතුල් ගස හොඳින් වැවෙන බව පෙනී යයි.
ආහාරමය වශයෙන් ගත් කල කිතුල් ගසින් ලබා ගන්නා මල් යුෂයෙන් සකස් කළ කිතුල් පැණි හකුරු සහ පිටි ආදිය වඩාත් වැදගත් වේ. මේවා සාමාන්‍ය වශයෙන් රස කැවිලි සඳහා කැඳ ආදිය සඳහා, යොදා ගන්නා අතර ප්‍රකට ආහාරයක් වන වටලප්පන් සකස් කිරීමේ දී යොදා ගනු ලබයි.
ජනප්‍රිය කොත්මලේ කිතුල් හකුරු පැණි සහ කිතුල් රාවලට කුමක් වී ඇත්ද? පළමුව අදහස් පළකළ කොත්මලේ තිස්පනේ කන්ද ප්‍රදේශයේ පදිංචි ඊ.ජී පුංචිබණ්ඩා මහතා පැවසුවේ මෙවන් දෙයකි.
පාරම්පරිකව රැකගෙන ආ කර්මාන්තයක් විදියට කොත්මලේ කිතුල් හකුරු සහ කිතුල් පැණි කර්මාන්තය හැඳින්විය හැකියි. එහෙත් වර්තමානය වනවිට මෙකී කර්මාන්තය වළපල්ලට ගිහින් කිව්වොත් වැරදි නැහැ .ඊට හේතුකාරණා බොහෝමයක් තියෙනවා. එම හේතු ද විවිධාකාරයි. විශේෂයෙන් ස්වාභාවික උවදුරු ඉන් පළමු තැනට ගන්න පුළුවන්. රිළා උවදුර කිතුල් කර්මාන්තයට දැඩිලෙස බලපා තියෙනවා. කිතුල් ගස පැළ කාලයේ පටන් කිතුල් ගසේ අවසානය දක්වා ස්වාභාවික වන සත්ව උවදුරට ලක්ව තියෙනවා. විශේෂයෙන්ම කිතුල් මල් කැපීමේ සිට තෙලිජ්ජ භාජනය ගෙදරට ගෙන ඒම දක්වා කාලය තුළ රිළවුන්ගෙන් වන හානිය ඉතා ඉහළයි. මල්බෙහෙත් තිබ්බ දවසේ ඉඳලා රිළවුන්ගේ කරදරය ඉතා ඉහළයි. කිතුල් මල් කඩා දාන එක, තෙලිජ්ජ බොන එක උන්ට දැන් අරුමයක් නෙවෙයි. රිළවා මොන දේ කළත් අදවනවිට මහා වසංගතයක් බවට පත්ව තිබෙනවා.
කොත්මලේ කිතුල් හකුරු පැණි කර්මාන්තය නගා සිටුවීම සඳහා පැවති ආණ්ඩු බොහොමයක් ක්‍රියාමාර්ග ගත්තද ඒ ගත් ක්‍රියාමාර්ග කාලානුරූපීව ඉදිරියට පවත්වාගෙන නොයෑමෙන් එම උත්සාහය ගඟට කැපූ ඉණි හා සමාන වූ අත්දැකීමක් ද නැතුවාම නොවේ. කොත්මලේ කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා පිහිටුවූ ආයතනද බොහෝමයකි. එහිදී කිතුල්වලට ප්‍රසිද්ධ රොජර්සන්ගම ගම්මානයේ පිහිටුවූ කිතුල් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථානය ද උදාහරණයක්. ඉතා ඉහළ පිරිවැයක් දරා ඉදිකළ එම කර්මාන්ත ශාලාව අදවනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දැමීම පිළිබඳව බලධාරින් ගේ අවධානය යොමුවිය යුතුය. වසර ගණනාවක සිට එම කර්මාන්ත ශාලාව භාවිතයෙන් තොර වීම හේතුවෙන් අදවනවිට එහි තිබූ භාණ්ඩ පවා නිරපරාදේ විනාශ වී ගොස් ඇතැයි ජනතාව කියති.
කිතුල් කර්මාන්තය සිය ජීවිතයේ එක් කොටසක් කරගත් වෑතලාව ගම්මානයේ පදිංචි සුනිල් හේමචන්ද්‍ර මහතා සිය ජීවන අත්දැකීම් විස්තර කළේ මෙලෙසිනි.
වසර ගණනාවක සිට මෙම කිතුල් කර්මාන්තයේ යෙදිච්ච පුද්ගලයෙක්. එහෙත් වසර ගණනාවක තිබූ අත් දැකීම් අනුව අදනම් හිතට දැනෙන්නේ දැඩි වේදනාවක් වගේම කනගාටුවක්. ඉස්සර උදේ මල් කපලා කොහේ හරි ගමනක් බිමනක් ගිහින් එන්න කිසි බාධාවක් තිබ්බේ නැහැ.ඒත් අද වනවිට එහෙම බැහැ. ඒ වෙනමොකක්වත් නිසා නොවෙයි සත්තු නිසා. විශේෂයෙන් රිළවුන්ගෙන්. රිළවා අදවනවිට ගොවීන්ගේ පරම හතුරෙක් බවට පත්වෙලා. මල් බෙහෙත් තිබ්බ දවසේ ඉඳලා රිළව් කරදරය එන්න එන්නම වැඩිවෙලා.
අනෙක් කරුණ තමයි විවිධ ආයතන මල් බෙහෙත් වෙනුවට හඳුන්වලා දීලා තියෙන කෘතීම මල් බෙහෙත්. කිතුල්වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට හඳුන්වලා දුන්න එකක් විදිහටයි මම දකින්නේ. අපි නම් මිරිස් ඉඟුරු වගේ ස්වාභාවික බෙහෙත් භාවිත කරලා තමයි මල් බෙහෙත් කියලා තියන්නේ. ඒවායින් ගහට මලට හානියක් වුණේ නැහැ. ඒත් හඳුන්වලා දීලා තියෙන කෘතීම බෙහෙත් වලින් කිතුල් ගහට ලොකූ බලපෑමක් වෙනවා. විශේෂයෙන් තෙලිජ්ජ වල ගුණාත්මක භාවය අඩුවෙනවා. ගහේ පැවැත්ම ඉතා කෙටි කලකදී නැතිවෙලා අඩුවෙලා යනවා. ගහේ කිතුල් අතු කඩා වැටෙන්න ගන්නවා. එතකොට අවුරුදු දහයක් දොළහක් තියෙන කිතුල් ගහ අවුරුද්දෙන් දෙකෙන් විනාශ වෙලා යනවා.
කොත්මලේ කිතුල් කර්මාන්තය පිළිබඳව කතා කිරීමේදී කිතුල් කර්මාන්තයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද සිදුව ඇති හානිය සුළුපටු නොවේ. විශේෂයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳව ඇත්තේ කනගාටුදායක විවේචනයි. ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ කිතුල් පැණි සහ හකුරු වෙනුවට සීනි යෙදූ හකුරු සහ පැණි අදවනවිට වෙළෙඳ පොළේ බහුලව දැකිය හැකිය.
සංවර්ධනය වන රටක මෙවන් නිෂ්පාදන සඳහා වටිනාකම් දුනහොත් ඉන් රටක ආර්ථිකයට යම් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇත. විශේෂයෙන් සංචාරක කර්මාන්තයට එය බෙහෙවින් වටිනාකමක් දෙනු ඇත. දෙස් විදෙස් සංචාරක කර්මාන්තයට කිතුල් නිෂ්පාදන හඳුන්වා දුනහොත් එය ඩොලර් උපයන මාර්ගයක් වනු ඇත.
යම් යම් තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිළා කරදරෙන් වැනසෙන කොත්මලේ කිතුල් කර්මාන්තය