IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම 190 වැනි වියට පා තබයි

ශ්‍රී ලාංකීය වෙළෙඳ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, මෙරට පැරණිතම වෙළෙඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, මෙම වසරේදී 190 වැනි වසරට පා තබයි. මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් මෙම වසර තුළ සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් ආයතනික සාරධර්ම පිළිබිඹුවන ආකාරයට, එම සමූහයේ අංශ හත යටතේ දියත් කිරීමට නියමිත අතර, එම වැඩසටහන් මාලාවේ උත්කර්ෂවත් සමාප්තිය 2025 අගෝස්තු මස 14 වැනි දිනට යෙදී ඇති ආයතනික නිර්මාතෘ දිනයට යෙදී ඇත. 
1835 වසරේදී වෙ‌ළෙඳ බැංකුකරුවන් ලෙස ව්‍යාපාර ආරම්භ කළ කපිතාන් ජේම්ස් ස්ටුවර්ට් දක්වා මෙම ආයතනයේ අතීත උරුමය විහිදෙයි. 1860 වන විට, ඔහුගේ සහෝදරයන් වන ජෝර්ජ් සහ ජෝසප්ගේ පැමිණීමත් සමඟ, ව්‍යාපාරය කෝපි වතු කළමනාකරණය කරන නියෝජිතායතනයක් දක්වා වර්ධනය විය. ඔවුන්ගේ වාණිජමය ප්‍රයත්නය සෑමවිටම ප්‍රජාසත්කාරය සමඟ බැඳී තිබුණි. එහි නිර්මාතෘ ජේම්ස් ස්ටුවර්ට් මහතාගේ අවසාන කැමැත්තට අනුව සිය ඉමහත් වූ වත්කම් සහ දේපළ එකල කොළඹ අගරදගුරු තුමන් වෙත, භාරකාර අරමුදලකින් පවරාදීමෙන්, මෙම සමාගම සතු ප්‍රජාසත්කාරයට ඇති නැඹුරුව මැනවින් පිළිබිඹු වේ. 
ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා ලෝක යුද්ධ, සිවිල් යුද්ධ, ත්‍රස්තවාදී, කැරලි, සුනාමි, වසංගත, සමාජ, දේශපාලන සහ ආර්ථික වෙනස්කම් ආදී දේශීය මෙන්ම ගෝලීය තත්වයටද මුහුණ දී ඇත. මෙයට අමතරව මෙම ආයතනයටම අනන්‍ය වූ විශේෂ අභියෝගවලට ද මුහුණදීමට සිදුවිය. 1870 වසරේදී ශ්‍රී ලංකාවේ කෝපි වගාව දිලීර රෝගයකින් විනාශ විය. මෙයින් කෝපි වගාවේ ඇතිවූ පසුබැසීම හේතුවෙන් ශ්‍රී ලාංකික කෝපි වගාව, තේ වගාවට පරිවර්තනය කිරීමට මෙම සමාගම පෙරමුණ ගත් අතර, එයින් “ශ්‍රී ලාංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමීන්” යන කීර්තිමත් නාමය ද දිනා ගැනීමට සමත් විය. මෙයින් සියවසකට පමණ පසුව රජය මඟින් 1975 වසරේදී වතු ජනසතු කිරීමෙන් ආයතනය වෙත විශාල බලපෑමක් සිදුවිය. 
මේ කාලය වන විට සමාගමට එහි නියෝජිත ආයතනය විසින් කළමනාකරණය කරනු ලැබූ තේ වතු විශාල ප්‍රමාණයක් තිබූ අතර, එය එහි ප්‍රධානම ව්‍යාපාරික ආදායම් මාර්ගය බවට පත්ව තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම, ක්‍රමානුකූලව නව ව්‍යාපාරික ඉසව් ඔස්සේ විවිධාංගීකරණයට යොමුවිය. 1996 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර‌යේදී ජනාධිපති මාවතේ පිහිටි සමාගමේ සංකේතාත්මක විටිනාකමකින් යුතු ප්‍රධාන කාර්යාලය විනාශයට පත්විම විශාල බලපෑමක් ඇති කළේය. දේපළ හානියට අමතරව හද කම්පාවට පත්කරමින් ජීවිත හානිද සිදුවිය. මෙවැනි අර්බුදකාරී වතාවරණයක තාවකාලික කාර්යාල වල සිට අඛණ්ඩව මෙහෙයුම් කාර්යයන් දියත් කරමින්, මෙම ආයතනයේ සංචාරක අංශය මඟින්  ICC ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා විශේෂ ගුවන් වාරයක් ශ්‍රී ලංකා ගුවන් සේවය සමඟ එක්ව සංවිධානය කිරීම, එවක සමාජය තුළ ප්‍රසාදජනක මාතෘකාවක් බවට පත්විය. 
වර්තමානය වන විට ශ්‍රී ලාංකික පෞද්ගලික ව්‍යාපාරික අංශයේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමයි. වසර 185ක අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආරම්භක සමාජිකයෙක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙසේ පැවසීය. “ජෝර්ජ් ස්ටුවර්ට් ආයතන වෘත්තාන්තයෙන් කියවෙනුයේ,’ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ව්‍යාපාර, වර්තමාන ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන දක්වා පරිණාමය සිදුවූ ආකාරය යි. එම ආයතනයේ මෙම වසර 190ක ගමන, ශ්‍රී ලංකාවේ පෞද්ගලික ක්ෂේත්‍රයේ ශක්තිය,’නම්‍යශීලිත්වය සහ අනුවර්තනය වීමේ හැකියාවට මනා සාක්ෂි සපයයි.”



අදහස් (0)

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම 190 වැනි වියට පා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site