IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


Nestle Professional ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බලගන්වයි

ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බල ගැන්වීමට Nestle Professional Sri Lanka ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ පසුගියදා එක් විය. විධායක සූපවේදීන්, විධායක සූපවේදීන් මෙන්ම විධායක පේස්ට්‍රි සූපවේදීන් ඇතුළු 500 දෙනකුගේ සහභාගීත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවති මෙම උත්සවයට රට පුරා හෝටල් 154ක විශිෂ්ට සූප ශාස්ත්‍ර හැකියාව ඉදිරිපත් කර තිබුණි.

සූප ශාස්ත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ඇගයීම හා සම්මාන පිරිනැමීම මෙන්ම ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ වන දිගු කාලීන හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය Nestle Professional සමාගමට සුවිසල් අවස්ථාවක් විය. මෙහිදී නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා වෙත ලංකා සූපවේදීන්ගේ සංගමයේ සදාතනික ගෞරවණීය සාමාජිකත්වය පිරිනැමීමද විශේෂත්වයකි.

මෙවර පවත්වනු ලැබූ ජාත්‍යන්තර සූපවේදී දින සැමරුම අතරතුර ශ්‍රී ලංකා සූපවේදී සංසදය (Chefs Guild of Lanka)  හා ශ්‍රී ලංකා සත්කාර සේවා උපාධිධාරී සංගමය (Sri Lanka Hospitality Graduates Association)  සමඟ එක්ව Nestle Professional විසින් දීප ව්යාප්ත 2025  Nestle Golden Chef’s Hat  තරඟයද දියත් කරන ලදී. සංචාරක කර්මාන්තය තුළ වර්ධනය වෙමින් පවතින සූපශාස්ත්‍ර හැකියාව හඳුනා ගැනීම හා එම හැකියාව වර්ධනය කිරීම මෙම තරඟයේ අරමුණ විය.

මෙම උත්සවය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. මෙරට ආර්ථිකයේ සුවිශේෂී සාධකයක් ලෙස සංචාරක කර්මාන්තය සඳහන් කළ හැකියි. අපගේ Nestle Professional  තුළින් හිමිකර දෙන ඉහළම තත්වයේ ආහාර පාන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අප ලද ගෞරවයක් කොට සලකනවා. ශ්‍රී ලංකාවට වඩා හොඳ අනාගතයක් උරුම කර දීමේ නෙස්ලේ ලංකා සමාගමේ කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක් වන සදාකාලික ගෞරවණීය සාමාජිකත්වය මා හට පිරිනැමීම පිළිබඳව ශ්‍රී ලංකා සූපවේදී සංසදයට මගේ ස්තුතිය පුද කිරීමට කැමැතියි. 

මේ පිළිබඳව සිය අදහස් එක් කළ ශ්‍රී ලංකා සූපවේදී සංසදයේ :සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකා සූපවේදී සංසදය සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වන විවිධ වැඩසටහන් සඳහා නෙස්ලේ ලංකා සහ  Nestle Professional Sri Lanka විසින් ලබා දෙන සුවිසල් කැපවීම පිළිබඳව අපගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනවා. මෙම 2025 සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීම කෙරෙහි උන්නදුවක් දක්වන එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි.



අදහස් (0)

Nestle Professional ජාත්‍යන්තර සූපවේදීන්ගේ දින සැමරුම බලගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site