ගනුදෙනු (පෙබරවාරි 06) අවසානයේ දී කලින් දිනයේ දී පසුබෑම වළකා තරමක් දුරට ආපසු ආවරණය වූ බවක් නිරීක්ෂණය කළ හැකිය. මෙහි වර්ධනකාරී ස්වභාවයක් අද දිනයේ ද අපේක්ෂා කළ හැකි බව සඳහන් කළ යුතුය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අවසානයේ දී මෑත භාගය තුළ එක් දිනයකදී සිදු වූ දරුණුම පසුබෑම හේතු කොටගෙන වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 5,861 ක් දක්වා අඩු වී තිබුණි.යම් සාධනීය ප්‍රාග්ධනයක් දක්වා ඉහළ ගිය නමුත් සම්පූර්ණයෙන් ආවරණයවීමක් වාර්තා නොකළේය.
ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම කලින් දිනවලට සාපේක්ෂව අඩුය. අලුත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන් පරෙස්සම්වන ආකාරයක් පවතී. පසුගිය දිනකිහිපය තුළ යාපනයේ සිද්ධි, ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ හා විදේශ විනිමය අනුපාතිකය සම්බන්ධ කරුණු වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා වක්‍ර ආකාරයේ බලපෑමක් කර ඇත.
ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක ක්‍රමයෙන් ඉහළ ගිය අතර ඊයේ මධ්‍යහ්නයේ දී සුළු පහත වැටුණු නමුත් අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,506.73 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 50.63 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,937.79ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 39.75 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය.
දිනයේ පිරිවැටුම රු. බිලියන 5.18 වූ අතර දිනය අවසානයේ දි ගනුදෙනු 27,565 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 29 ක පමණක් කොටස් මිල ඉහළ ගියේය. ඔප්ටියුම් අරමුදල, කාර්ගිල්ස් බැංකුව, කලම්බු සිටි, යූ. බී. ෆිනෑන්ස් ඒසියා ඇසෙස්ට් යන සමාගම්වල කොටස් සති පනස් දෙකකට වඩා මිල ඉහළ ගිය ප්‍රවණතාවක පැවැතිණ.
නේෂන් ලංකා, රීෆ් සහ එස්.එම්.බී. ෆිනෑන්ස් යන සමාගම්වල කොටස් මිල සති පනස් දෙකක අඩුම ස්ථානය දක්වා පහත වැටිණි.
සිංගර් ශ්‍රී ලංකා සියයට 7.6 කින්, කොත්මලේ හෝල්ඩිං සියයට 6.52 කින්, සිලෝන් ටී බ්‍රෝකර්ස් සියයට 5.41 කින් කලම්බු ඉන්වෙස්ට්මන් ෆන්ඞ් සියයට 4.52 කින්, සතොස මෝටර්ස් සියයට 12.64 කින්, එස්.ඊ.එම්.පී. ෆිනෑන්ස් සියයට 12.5 කින් සහ ඔටෝ ඩ්‍රෝම් සියයට 4.40 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් පහත වැටුණ සමාගම් අතර වේ.
යූ. බී. ෆිනෑන්ස් සියයට 14.29කින්, සිගිරිය විලේජ් සියයට 9.09 කින්, නුවරඑළිය හොටෙල් සියයට 10.12 කින්, සතොස මෝටර්ස් සියයට 9.57 කින්, සිලෝන් ප්‍රින්ටර්ස් සියයට 9.22 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළට නැගුණ අවස්ථා විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙළෙඳපොළේ තරමක පිබිදීමක්