භානුක අමරසිංහ
මෙරට ජනප්‍රිය ජංගම දුරකතන ඇප් පාදක ප්‍රවාහන සේවා සම්පාදන වේදිකාවක් වන PickMe අයත්Digital Mobility Solutions Lanka PLC සමූහය 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය තුළදී රු. බිලියන 4.1ක ආදායමක් හිමි කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. මෙය පෙර මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී හිමි කරගත් රුපියල් බිලියන 2.8ක ආදායම හා සැසඳීමේදී සියයට 47ක ඉහළ යාමකි.
මෙහිදී සිය ඇප් වැඩසටහන භාවිත කරන අවස්ථා සංඛ්‍යාව මෙන්ම එහි පරිශීලකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඊට හේතුව වූ බවDigital Mobility Solutions Lanka PLC සමාගම සඳහන් කරයි.
මේ අතර එම සමාගම විසින් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවයක කාලය සඳහා හිමි කරගෙන ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 795 කි. එය පෙර මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී හිමි කරගත් රුපියල් මිලියන 472ක ශුද්ධ ලාභය හා සැසඳීමේදී සියයට 69ක ඉහළ යාමකි.
මේ අතර 2024/25 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා එම සමූහයේ ආදායම රුපියල් බිලියන 1.5කි. එය පෙර වසරේ එම කාලයේදී හිමි වූ රුපියල් බිලියන 1.1ක ආදායම හා සැසඳීමේදී සියයට 41ක ඉහළ යාමකි. විශේෂයෙන්ම මෙම කාර්තුවේදී එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ක්‍රියාකාරකම් සටහන්ව ඇතැයිද එය 2024/25 දෙවැනි කාර්තුව හා සැසඳීමේදී සියයට 9ක ඉහළ යාමක් බවත් සමාගම පවසයි.
එසේමDigital Mobility Solutions Lanka PLC සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේ කාර්තුවක් තුළ රැස් කරගත් වැඩිම මෙහෙයුම් ලාභයද තෙවැනි කාර්තුවේදී රැස් කරගෙන තිබේ. එය රුපියල් මිලියන 396කි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
PickMe ආදායම සියයට 47කින් ඉහළට