ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling පසුගියදා පැවති 23 වැනි ‘SLIM Brand Excellence’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. සන්නාම ශක්තිය, වෙළෙඳපොළ සවිඥානිකත්වය සහ වසර පුරාම ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් සමාගම පෙන්නුම් කළ විශිෂ්ට සාර්ථකත්වය හේතුවෙන් මෙම සම්මානය eChannelling වෙත හිමි විය.
SLT-MOBITEL හි ශක්තිමත් යටිතල පහසුකම්වලින් පන්නරය ලබන eChannelling සේවාව දිගින් දිගටම මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය පරිවර්තනයට ලක්කරමින් සිටී. එම ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම හේතුවෙන්, දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා කඩිනම් සෞඛ්‍ය සේවා පිරිනමමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ සෞඛ්‍ය පදනම් සන්නාමය බවට පත්වීමට eChannelling සමත් වී තිබේ.
SLIM Brand Excellence සම්මාන උළෙලේදී ලැබුණු මෙම නවතම සම්මානය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ අවකාශයේ ශක්තිමත් සන්නාමයක් ලෙස eChannelling සතු පිළිගැනීම තවදුරටත් වර්ධනය කරනු ඇත. එමෙන්ම එය eChannelling යනු ශ්‍රී ලංකාවේ අංක එකේ වෛද්‍ය චැනලින් සේවාව බව තහවුරු කරමින්, නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවාහි පෙරළියක් කිරීමට සමාගම දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු නිසැක ය.
මේ වනවිට eChannelling මෙරට ජනතාවගේ ජීවිත තුළ යහපත් පරිවර්තනයක් ඇතිකිරීමේ මෙහෙවර ආරම්භකර දශක දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ඉදිරියටත් නවීනතම සේවා සමගින් විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් ලබාදෙමින්, ඩිජිටල් සෞඛ්‍ය සේවාහි ක්‍රමෝපායික වෙනස්කම් වේගවත් කිරීම සමාගමේ අරමුණ වී ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
SLIM Brand Excellence හිදී eChannelling ඇගයේ