IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අයි.එම්.එෆ් පුරෝකථනය පහසුවෙන් පසුකරන්න පුළුවන්

ණය ගෙවීමට රජයේ වියදම් පියවීමට අවශ්‍ය මුදල දළදේශිය නිෂ්පාදිතයෙන් සියයට 24 ක්
මෙම වසරේ සියයට 3ක වර්ධනයක්
මහ බැංකුවේ උපකල්පනය සියයට 3.5 ත් 4ත් අතර වර්ධනයක්
වසරේ මුල් දින 29ට සියයට 1.8 කින් රුපියල අවප්‍රමාණය වෙලා
ඩොලර් බිලියනයක ආනයන වියදම පහසුවෙන් කළමනාකරණය කළ හැකියි
ආදායම් ඉහළ නොයාම උද්ධමනයේ අඩුවීම නොදැනීමට හේතුවක්


විමුක්ති එස් රුද්‍රිගු


ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල (දළ මූල්‍ය අවශ්‍යතාව) මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටම දක්වා පහළට ගෙන ආ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයේ කැපවීමක් ලෙස සඳහන් වන බවත්, වත්මන් ආර්ථික ප්‍රවණතාව මත 2027 වසර වන විට රජයේ දළ මූල්‍ය අවශ්‍යතාව සියයට 12.7 දක්වා පහළට ගෙන ඒමට හැකියාව තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.
වර්තමානයේ ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24 ක් වුවත් 2027 වසර වන විට එම ඉලක්කය ළඟාකර ගත හැකි බවද ඔහු පැවැසුවේය.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී සියයට 5.2 කින් ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව මහ බැංකුව පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3 කින් ධනාත්මක ලෙස වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බවත් වත්මන් ආර්ථික ප්‍රවණතා පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී එම ඉලක්කය පහසුවෙන් පසුකර යාමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
මෙරට ආර්ථික වර්ධනය පිළිබඳව 2025 වසරේ එක් කර්තුවකවත් දත්ත නොමැතිව මහ බැංකුවට පුරෝකථනයක් ඉදිරිපත් කළ නොහැකි බවත්, වත්මන් ආර්ථික ප්‍රවණතා අනුව 2025 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.5 ත් 4 ත් අතර වනු ඇතැයි උපකල්පනයක් කළ හැකි බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ ලොව ශක්තිමත් මුදල් ඒකකයක් වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසරේ පළමු දින 29 තුළ ඩොලරයට සාපේක්ෂව සියයට 1.8 කින් අවප්‍රමාණය වෙමින් දුර්වලම මුදල් ඒකකය බවට පත්වී තිබෙන බවට පළවී තිබූ මාධ්‍ය වාර්තා තමන් දුටු බවත්, සාධක වශයෙන් ගත්කල එය නිවැරදි වුවත්, අර්ථකතන ලබා දීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
විනිමය අනුපාත තීරණය වන්නේ ඉල්ලු‍ම හා සැපයුම මත බවත්, මේ වනවිට ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 370 සිට රුපියල් 301 දක්වා පහත වැටී තිබීම රුපියල අවප්‍රමාණය වීමට හේතු වූ එක් කරුණක් බවත්, දෙවැනි කරුණ ආනයන ඉල්ලු‍ම ඉහළ යනවිට ඒ හා බැඳුනු යම්යම් සාධකද ඉහළ යන බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මහා බැංකුවේ ප්‍රතිපත්තිය නම් විනිමය අනුපාත වෙළඳපොළ තීරණය වීමට ඉඩ හැරීම බවත්, අවශ්‍ය වුවහොත් ඊට මහ බැංකුව මැදිහත් වන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
ඉන්දියාවේ සහ චීනයේ මුදල් ඒකක දෙස බැලු‍වහොත් ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අවප්‍රමාණය එම මුදල් ඒකක වාර්තා කර තිබෙන බවත්, එම රටවල ආර්ථික ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික අතර තිබෙන බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉන්දියාවට ඩොලර් බිලියන 640 ක නිල සංචිත තිබෙන බවත්, චීනයට ඩොලර් ට්‍රිලියන 3.2 නිල සංචිත තිබෙන බවත් වීරසිංහ මහතා පැවැසුවේය.
 වාහන ආනයනට පනවා ඇති සීමා අදියර 3 යටතේ ඉවත් කිරීමට නියමිත බවත්, ඉන් අදියර දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. අවසන් අදියර ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවද ඔහු පැවැසුවේය. ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආනයන ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකියාව පවතින බව රජයට මහ බැංකුව දැනුම් දී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
උද්ධමනය ඉහළ යන විට බඩු මිල ඉහළ ගියත්, උද්ධමනය පහළ යන ඉවට බඩු මිල පහළ නොයන බවත්, ඉන් සිදුවන්නේ වැඩි වූ බඩු තවත් ඉහළ යාම නතර වීම බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. උද්ධමනය ඉහළ ගිය පමණින් ජනතාවගේ ආදායමද ඉහළ නොයන බැවින් උද්ධමනය පහළ යෑම ජනතාවට නොදැනෙන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

අයි.එම්.එෆ් පුරෝකථනය පහසුවෙන් පසුකරන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 28 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site