2025 නව පාසැල් වාරය අරඹන 03 ශ්‍රේණිය දක්වා දරුවන්ට සහ අලුතින්ම පාසැල් සහ පෙර පාසැල් යන දූදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කල ත්‍යාග පෙළක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හදුන්වා දී තිබේ.
මේ අනුව දරුවන්ට ඉතිරිකිරීම හුරුකරවන අතරම ඉතිරිකිරීම ආරම්භ කරන දරුවන් වෙනුවෙන් ඔවුනට ගැළපෙන ත්‍යාග රටා ඉතිරිකිරීමේ බැංකුව හදුන්වා දී තිබේ.
රුපියල් දහසක: රු 1000/-නව තැන්පතුවක් අලුතින් අරඹන හෝ පවතින හපන් ගිණුමක තැන්පත් කරන දරුවන් වෙනුවෙන් පාටකරන පොතක් සහ ස්ටිකර් රැසක් සහිත ස්ටිකර් කොළයක් යන ත්‍යාග දෙකම හිමිවේ.
පාට කරන පොත විශාල ප්‍රමාණයේ රූපවලින් සමන්විත අතර ඒවායේ නම් ඉංග්‍රීසි බසින් දක්වා ඇති අතර රූපය පාට කිරීමට අදාල ආදර්ශ රූපයක් ද කුඩා ප්‍රමාණයෙන් දක්වා ඇත. එසේම සියලුම ස්ටිකර් දරුවන් දිරිගන්වන ආකාරයේ වචන සහ වෛවර්ණ කාටූන් චරිතවලින් නිර්මාණය කර තිබේ.
රුපියල් දෙදහසක රු 2000/- නව තැන්පතුවක් අලුතින් අරඹන හෝ පවතින හපන් ගිණුමක තැන්පත් කරන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් හිමිවේ. පාසැලේදී මෙන්ම නිවසේ දී ද නිර්මාණශීලීව සිතමින් නව නිර්මාණ බිහිකිරීමට සුහුරු දෑත් සූදානම් කිරීමට මෙම පාසැල් උපකරණ කට්ටලය ඉවහල් වනු ඇත.
රුපියල් තුන්දහසක රු 3000/- නව තැන්පතුවක් අලුතින් අරඹන හෝ පවතින හපන් ගිණුමක තැන්පත් කරන දරුවන් වෙනුවෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ලියැවුණු අගනා උපමා කථා සහිත කතාන්දර පොතක් හිමිවේ. කියවීම සහ ඒ තුළින් චිත්තරූප මවාගැනීමට දරුවන් යොමුකිරීමට මෙම කතාන්දර පොත අවස්ථාව ලබාදෙනු ඇත. එසේම කතාන්දරවලින් කියවෙන වැදගත් ආදර්ශ දරුවන්ගේ ජීවිතවල සාර්කත්වයට ද හේතු වන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්වාසයයි.
මෙම සියලු ත්‍යාග තොග අවසන් වනතුරු පමනක් බැවින්, අදම ඔබේ ඉතිරිකිරීම අරඹන මෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිහිපත් කරයි. මේ පිළිබඳ වැඩි විස්තර ළඟම ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුතින්ම අකුරට යන හපනුන්ට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් තෑගි පෙළක්