IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙරට සරසවි විදෙස් සරසවි අතර අවබෝධතා ගිවිසුම් 10 ක්

  • අංශ රැසකින් අධ්‍යාපනය නංවන පියවරක්

නිමල කොඩිතුවක්කු


මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමග උසස් අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවත්, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කීවේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මහජන චීන සමූහාණ්ඩුවේ වුහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ජපානයේ අයිසු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා නෝර්වේ ඇග්නර් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, මොරටුව විශ්වවිද්‍යාලය හා චීනයේ ලියී විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය හා චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, කැලණිය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්ඩ් හි  නිව් යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම, කැලණිය විශ්වවිද්‍යාලය හා කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම මෙම ගිවිසුම් අතර වන බව ද ඇමැතිවරයා කීය. 



අදහස් (0)

මෙරට සරසවි විදෙස් සරසවි අතර අවබෝධතා ගිවිසුම් 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site