සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය
භානුක අමරසිංහ
මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරන වැට් බද්ද ඔවුන්ට ආපසු ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති තීරණය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය (SLRA -Sri Lanka Retailers’ Association) පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කලාපයේ සිල්ලර භාණ්ඩ සදහා වන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේදී මෙය අතිශය වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව ඔවුන් පෙන්වා දෙයි. ඒ හරහා ඉහළ මට්ටමින් මුදල් වියදම් කරන ජාත්‍යන්තර සංචාරකයන් මෙරට වෙත පැමිණීම වර්ධනය වන බවත්, ඒ හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් වන බවත් ඔවුහු සඳහන් කරති.
දත්ත වාර්තාවලට අනුවද මෙම සිල්ලර භාණ්ඩ සංචාරක ක්ෂේත්‍රය ගෝලීය සංචාරක සහ සංචරණ කර්මාන්තයේ ආදායමෙන් සියයට 6කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දෙයි. එසේම එය රටක විදේශ විනිමය ඉපැයීම් වර්ධනය සඳහාත් අතිශය වැදගත් අවස්ථාවකි.
ලෝක සංචාරක සහ සංචරණ කවුන්සිලයට අනුව ශ්‍රී ලංකාවේ සිල්ලර භාණ්ඩ සංචාරක කර්මාන්තය මගින් දළ ජාතික නිෂ්පාදිතය වෙත දක්වන දායකත්වය 2010 සිට 2019 දක්වා කාලය තුළ සියයට 12.8ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ගෝලීය සිල්ලර භාණ්ඩ සංචරණ ගමනාන්ත අතර වඩාත් වේගයෙන් වර්ධනය වන මට්ටමකටද පත්ව තිබී ඇත.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත් පිහිටීම, සංස්කෘතික විවිධත්වය මෙන්ම සුවිශේෂී සාප්පු අත්දැකීම් එම තත්වය වර්ධනයට හේතු වී ඇත. ඒ අනුව ආසියා-පැසිපික් කලාපය තුළ වඩාත් මුල් පෙළේ සාප්පු ගමනාන්තයක් බවට පත්වීමේ හැකියාවද ශ්‍රී ලංකාවට පවතින බව සඳහන් වෙයි.
මෙලෙස සංචාරකයන් සඳහා වැට් ආපසු ගෙවීමේ වැඩසටහන හඳුන්වාදීමත් සමගින්ම ශ්‍රී ලංකාව ගෝලීය සාප්පු ගමනාන්ත වන සිංගප්පූරුව, තායිලන්තය, ඩුබායි ඇතුළුව බදු නිදහස් සාප්පු අත්දැකීම් ලබාදෙන සංචාරක ගමනාන්ත අතරට එක් වෙයි. එය ධනවත් සංචාරකයන් මෙරට වෙත ආකර්ෂණය සඳහාද යහපත් අවස්ථාවකි. ඒ අනුව මෙම මුලපිරීම වසර 2030 දී මෙරට සංචාරක කර්මාන්තයේ ආදායම් ඉලක්කය වන ඩොලර් බිලියන 8 වෙත ඉතා සුවිශේෂී දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයිද සඳහන් වෙයි.
විශේෂයෙන්ම මෙම ප්‍රතිපත්ති වෙනස හරහා සුඛෝපභෝගී භාණ්ඩ, සන්නාමිත විලාසිතා, ඉලෙක්ට්‍රොනික උපාංග සහ මැණික් සහ ස්වර්ණාභරණ යනාදී ප්‍රධාන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති වනු ඇතැයි අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති චරිත සුභසිංහ මහතා මෙසේ පැවසීය. “මෙලෙස සංචාරකයන් සඳහා වැට් බදු ආපසු ගෙවීම අනුමත කිරීමේ තීරණය ශ්‍රී ලංකාවේ සිල්ලර සහ සංචාරක කර්මාන්ත වෙත හොඳ අවස්ථාවක්. මේ හරහා බදු සීමා ඉවත් කරමින් ජාත්‍යන්තර සංචාරකයන් සඳහා සාප්පු යෑම වඩාත් පහසු කරවනවා. ශ්‍රී ලංකා සිල්ලර භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය හැටියට අපි මෙහිදී රජයත් සමගින් වඩාත් සමීපව කටයුතු කරමින්, කර්මාන්තයේ පාර්ශ්වකරුවන් හා එක්ව කටයුතු කරමින් මෙම මුලපිරීම් වඩාත් සාර්ථක කරගැනීම සඳහා කටයුතු කරනවා.“
මෙවැනි නිවැරදි ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවට ගෝලීය සිල්ලර භාණ්ඩ සංචාරක කර්මාන්තයේ පවතින නව ප්‍රවණතා සමගින් ඉදිරියට ගමන් කළ හැකි වනු ඇතැයිද එම සංගමය විශ්වාස කරයි. එහිදී විදේශීය වියදම් කිරීම් ඉහළ නංවමින්, සංචාරකයන්ගේ තෘප්තිමත්භාවය ඉහළ දමමින් සහ දේශීය ව්‍යාපාර වෙත නව අවස්ථා උත්පාදනය කරමින් මෙම කටයුතු සිදුකළ හැකි බව ඔවුන් පවසයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක කර්මාන්තයට වැට් ආපසු ගෙවීම සුබ ලකුණක්