ලාංකික ආර්ථිකය ශක්තිමත් කිරීමට මනා දායකත්වයක්
සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 15ක් ඉක්මවයි
ඩිජිටල් බැංකුකරණයේ නායක්තවය
ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ‘A(lka)’ isg ‘AA-(lka)දක්වා ඉහළ දැමීමට පසුගියදා කටයුතු කරන ලදි. ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑත කාලයේ නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව මෙසේ මහජන බැංකුවේ ශ්‍රේණිගත කිරීම ඉහළ ගොස් ඇත.
ෆිච් රේටින්ග්ස් ආයතනය 2024 දෙසැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකාවේ දිගුකාලින දේශිය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරමිනි ශ්‍රේණිගත කිරිම (IDR) ‘CCC-’ isg ‘CCC+’ දක්වා ඉහළ නැංවීය. මහජන බැංකුවට හිමිවූ මෙම නව ශ්‍රේණිගත කිරීම මඟින් බැංකුවේ ස්ථාවරත්වය, ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනය සහ වර්තමාන මූල්‍ය ශක්තිය මනාව ඉස්මතු වේ.
මහජන බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්වය සහ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන දායකත්වය මෙසේ ෆිච් රේටින්ග්ස්හි ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ‘AA-(lka)’ දක්වා ඉහළ නැංවීම සඳහා හේතුවිය. එමෙන්ම මහජන බැංකුවේ යහපත් අවදානම් කළමනාකරණ භාවිතයන්, ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ද මෙම උසස් කිරීම මගින් තහවුරු කර ඇත.
මීට අමතරව මෙම ශ්‍රේණිගත කිරීම, ස්ථාවරත්වය සහ අඛණ්ඩ වර්ධනය පවත්වා ගනිමින් සංකීර්ණතා මඟහරවා ගැනීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳව හොඳම සාක්ෂියක් ද වේ.
මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.0 කට අධික වත්කම් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයයි. මේ වන විට දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 750ක් වන අතර, 7300කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 300කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික ප්‍රගතියේ ප්‍රධාන හසුරවන්නෙකු ලෙස, මහජන බැංකුව සිය ගනුදෙනුකාර කේන්ද්‍රීය ප්‍රවේශය සහ ඩිජිටල් බැංකුකරණ නායකත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් කරන කැපවීම තුළින් බැංකු ක්ෂේත්‍රයේ නිම් වළලු පුඵල් කරගනිමින් සිටි. පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් පිරිනමන මහජන බැංකුව දිවයින පුරා විසිරි සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා විශ්වාසදායක මූල්‍ය හවුල්කරුවකු ලෙස සිය ස්ථාවරත්වය ශක්තිමත් කර ගනිමින් සිටී.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆිච් රේටින්ග්ස් මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිය ඉහළ නංවයි