IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දම්රෝ-සැම්සුන්ග් එක්ව සිය පළමු කෘත්‍රිම බුද්ධි කලාපය එළිදක්වයි

  • දිගුකාලීන හවුල්කාරිත්වයක සන්ධිස්ථානයක්

භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන දම්රෝ සමූහය ශ්‍රී ලංකාවේ තාක්ෂණ හැකියාව තවදුරටත් දියුණූ කිරීමේ අවස්ථාවක් ලෙස සැම්සුන්ග් සමාගම හා හවුල්කාරීත්වයෙන් කෘත්‍රිම බුද්ධියෙන් (AI) බලගැන්වුණු සිය පළමු සුහුරු කලාපය එළිදැක්වීමට පසුගියදා කටයුතු යොදා තිබේ.

ඒ අනුව කොළඹ 03 මරීනෝ මෝල්හි පිහිටි මෙම Damro - Samsung AI Zone කලාපයල ශ්‍රී ලාංකිකයන් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණූ තාක්ෂණය සහ සුහුරු ජීවිතය එකිනෙක සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පෙන්නුම් කරන අවස්ථාවක් බවත් සමාගම සඳහන් කරයි.

එසේම මෙම මුලපිරීම දම්රෝ සමූහය සහ සැම්සුන්ග් ශ්‍රී ලංකා සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරීත්වයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවත් එම සමූහය පවසයි.

මෙහිදී එම කලාපය නිල වශයෙන් විවෘත කිරීම සැම්සුන්ග් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ සැන්ග්හ්වා සොන්ග්ල සැම්සුන්ග් ශ්‍රී ලංකාහි කන්සියුමර් ඉලෙක්ට්‍රොනික්ස් ව්‍යාපාරයේ ප්‍රධානී සහ අධ්‍යක්ෂ සබ්‍රි අන්සාර්ල සැම්සුන්ග් ශ්‍රී ලංකා මොබයිල් එක්ස්පීරියන්ස්හි ප්‍රධානී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුෂාර රත්නවීර දම්රෝ සමූහයේ ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්ෂ නාලක ගුණතිලක මෙන්ම දම්රෝ හි අධ්‍යක්ෂවරුන් වන කැල්වින් ක්‍රෝනර් සහ අජිත් පතිරවසම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මෙම Damro - Samsung AI Zone යනු තාක්ෂණික උපාංග වෙත ආසාවක් දක්වන පාරිභෝගිකයන් වෙත කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණූ නිෂ්පාදන රාශියක් එකම ස්ථානයකදී දැකබලාගත හැකි ස්ථානයක් බව සමාගම පවසයි. එහිදී සැම්සුන්ග් ස්මාර්ට් රූපවාහිනියේ සිට, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ ගැලැක්සි ස්මාට්ෆෝන්ද මිලදී ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව ගෝලීය තාක්ෂණික දැවැන්තයෙකු වන සැම්සුන්ග් සමගින් එක්ව නවතම තාක්ෂණය සමගින් ජීවන රටාව බලගැන්වීමට මෙම කලාපය සූදානම් බවත් දම්රෝ සමූහය වැඩිදුරටත් පවසයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන දම්රෝහි ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්ෂ නාලක ගුණතිලක මහතා, ‘‘සැම්සුන්ග් සමගින් පවතින හවුල්කාරීත්වය හරහා අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ දේ රැගෙන ඒම අපේ අරමුණයි. වඩාත් සුහුරු ජීවිතයක් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බොහෝ ව්‍යාපෘති අතර ආරම්භය මෙයයි.’’ යනුවෙන්ද පවසා සිටියි.

එසේම මෙහිදී අදහස් දක්වන සැම්සුන්ග් ශ්‍රී ලංකාහි කළමනාකරණ අධ්‍යක්ෂ සැන්ග්හ්වා සොන්ග්, ‘‘මෙම කෘත්‍රිම බුද්ධි කලාපය දම්රෝ සමාගම සමගින් අප පවත්වාගෙන යන අපේක්ෂාවේ තවත් එක් සාර්ථක අවස්ථාවක්. නවතම තාක්ෂණික විප්ලපවයන් හරහා සුහුරු සහ වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ඇති කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් දියුණූ කිරීම එම අපේක්ෂාවයි.’’ යනුවෙන් පවසා සිටියි.



අදහස් (0)

දම්රෝ-සැම්සුන්ග් එක්ව සිය පළමු කෘත්‍රිම බුද්ධි කලාපය එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site