පීපල්ස් ලීසිං බදු-පසු ලාභයේ සියයට 30.8 ක වර්ධනයක්
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 2,141 ක් වූ අතර, තුන්වැනි කාර්තුවේ බදු-පසු ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 30.8 කින් වර්ධනය වී, රු. මිලියන 1,039 ක් ලෙස වාර්තා වී තිබේ.