IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


AMF සමාගමට 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බි. 1.78 ක බදු පෙර ලාබයක්

සභාපති 
සුරේන් ගුණවර්ධන
ප්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාබය (PBT) වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාබයක් සමගින් මේ දක්වා සමාගම විසින් වාර්තා කර ඇති සාර්ථකම මූල්‍ය කාර්යසාධනය වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 122 ක වර්ධනයකි. AMF සමාගමේ බදු පසු ලාබය සියයට 136 කින් වර්ධනය වෙමින්, රුපියල් මිලියන 750 ක් දක්වා වර්ධනය වී ඇති අතර, මෙම සාර්ථක ප්‍රතිඵල, අනාගතය ඉලක්ක කරගත් මූල්‍ය ආයතනයක් වශයෙන් AMF සමාගමේ අඛණ්ඩ වර්ධනය ඉදිරියටත් තහවුරු කරයි. 

උපායමාර්ගික දැක්ම, සවිමත් නායකත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ට සවියක් වීම ඉලක්ක කරගත් AMF සමාගම, දීර්ඝ කාලයක් පුරා ඒ වෙනුවෙන් පරිවර්තනීය ගමනක නියැළුණු සමාගමකි. සාර්ථක සැලසුම් සකස් කිරීම මෙන්ම සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කළ AMF සමාගම, මූල්‍ය වාතාවරණයේ ඇති අවිනිශ්චිතතාව බාධාවක් කරගනු වෙනුවට එයින් පන්නරය ලබා, අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කර ඇත. 

මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ මහතා මෙසේ පැවසීය. “ගෙවුණු වසර අපගේ නොසැලෙන අධිෂ්ඨානය සහ අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂාවට භාජන කළ වසරක්. පසුගිය වසර තුළ අභියෝගාත්මක තත්වය යටතේ පවා මෙවැනි දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකි වූයේ සැලසුම් නිර්මාණයට මෙන්ම එම සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් අපට ඇති හැකියාව නිසයි. AMF සමාගමේ සේවකයන් සහ හවුල්කරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්, එකම කණ්ඩායමක් වශයෙන් විදහා දැක්වූ විනය සහ එකමුතුකම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම විශ්වාසය මත, ඉදිරියටත් අඛණ්ඩවම සාර්ථක ඉදිරි ගමනක නියැලීමට හැකි බව අපගේ විශ්වාසයයි.”

2024/25 මූල්‍ය වර්ෂය සඳහා AMF සමාගම වාර්තා කළ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අතර කැපී පෙනෙන වාර්තා ගණනාවක් වන අතර, එයින් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 3.28 ක් දක්වා සියයට 53 කින් වර්ධනය වීම, සියයට 12 කින් පොලී ආදායම ඉහළ යාම සහ සියයට 19 කින් පොලී වියදම් අඩු වී තිබීම ඊට මූලික වශයෙන් හේතු සාධක වී ඇත. සමාගමේ ණය කළඹ සියයට 23 ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 13.61 දක්වා වර්ධනය වී තිබූ අතර, සමස්ත වත්කම්වල වටිනාකම සියයට 10 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 21.17 ක් දක්වා වර්ධනය වී ඇත. ජනතාව විසින් සමාගම කෙරෙහි තබා ඇති සවිමත් විශ්වාසය තවදුරටත් වර්ධනය වන බව පෙන්නුම් කරමින්, මහජන තැන්පතු සියයට 7 කින්, එනම් රුපියල් බිලියන 15.55 ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම කොටස් හිමිකරුවන්ගේ අරමුදල සියයට 22 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 3.97 ක් දක්වා වර්ධනය වී ඇත. 

AMF සමාගමේ මෙහෙයුම් ලාබදායීතාව සහ කාර්යක්ෂමතාව විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර සාමාන්‍ය වත්කම් ප්‍රතිලාභය (ROA) සියයට 8.78 ක් ලෙසින්ද හිමිකම් මත ප්‍රතිලාභය (ROE) සියයට 20.81 ක් දක්වා ද දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබීම ඊට මනා උදාහරණ වේ. ශුද්ධ පොලී අනුපාතය (NIM) සියයට 16.21 ක් වශයෙන් ශක්තිමත් තත්වයක් වාර්තා කර ඇත. සියයට 36.7 ක සුවිශේෂී කාර්යක්ෂමතා අනුපාතයක් හා සියයට 40.8 ක හානිකරණ ගලපන ලද කාර්යක්ෂමතා අනුපාතයක් ළඟා කර ගැනීම ආයතනය විසින් ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම අගයන් කර්මාන්තයෙහි සාමාන්‍ය අගයන්ට වඩා වැඩිවීම AMF හි සුවිශේෂී මෙහෙයුම් කාර්ය සාධනය තහවුරු කරයි. 

AMF සමාගම සාර්ථක ප්‍රාග්ධන ස්ථාවරයක් පවත්වා ගැනීමට සමත් වී ඇති අතර, සමාගමේ පළමු මට්ටමේ ප්‍රාග්ධන අනුපාතය සියයට 18.96 ක් වශයෙන් ද සමස්ත ප්‍රාග්ධන අනුපාතය (දෙවැනි මට්ටම) සියයට 19.24 ක් වශයෙන් ද වාර්තා කර ඇත. එම අනුපාත නියාමනය කර ඇති අවම සීමා වන සියයට 8.5 ක සහ සියයට 12.5  ක මට්ටමට වඩා ඉතා ඉහළින් පැවතීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. 

සමාගමේ ද්‍රවශීලතාව මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් සවිමත් අගයන් වාර්තා කර ඇති අතර, ද්‍රවශීල වත්කම් සහ කෙටිකාලීන වගවීම් සියයට 87.67 ක් වශයෙන්ද, ද්‍රවශීල වත්කම් සහ බාහිර අරමුදල් සියයට 37.71 ක් වශයෙන්ද, ද්‍රවශීල වත්කම් සහ සමස්ත වත්කම් සියයට 27.10 ක් වශයෙන්ද වාර්තා වී තිබේ.



අදහස් (0)

AMF සමාගමට 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බි. 1.78 ක බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site