IMG-LOGO

වෙළඳ යුද්ධයෙන් ඔබ්බට


පරම්පරාගත කාලයක් පුරා ගෝලීය ආර්ථිකය මෙහෙයවීම සිදු වූයේ ඉතාමත් අල්ප වෙ​ෙළඳ බාධක සහිත ලෝකයක් වඩාත් සමෘද්ධිමත් ලොවක් වන්නේය යන මූලික විශ්වාසය පදනම් කරගෙනයි. වඩාත් ඍජු වූ එම සරළ යුගය දැන් වඩාත් සංකීර්ණ වූ යථාර්ථයකට ඉඩ දෙමින් ඉවත්ව ගොස්ය. 

අප සිටිනා 2025 වසරේ මැද භාගයේ අන්තර්ජාතික වාණිජ ක්‍රමය නිර්වචනය කරනු ලබන්නේ සංකීර්ණ තීරුබදු ජාලයකින්, අති සංකීර්ණ ප්‍රතිවිරෝධතාවලින් සහ ගෝලීය භාණ්ඩ හා ප්‍රාග්ධන ප්‍රවාහය නැවත හැඩගන්වන කාර්මික ක්‍රමෝපාය ප්‍රතිපත්තිවලිනි. 

මෙම ලිපියේ අරමුණ මෙම නව පරිසරය දෙස පැහැදිලි දැක්මකින් බලා තුලිත වූ විශ්ලේෂණයක් සැපයීමය. එය ගැඹුරු සංක්‍රාන්තීය පද්ධතියක් දෙස එසැන බැල්මක් හෙළාගත් පින්තූරයක් මෙනි. 

එක්සත් ජනපදයේ දැඩි වෙ​ෙළඳ ක්‍රමෝපාය, චීනයෙන් එල්ලවූ විස්තීරණ ප්‍රතිචාර සහ යුරෝපා සංගමයේ ඉදිරි දැක්මකින් යුතු නියාමන විලාසය ආදිය හුදෙකලා සිද්ධි නොවන්නේය. ඒවා අලුත් ගෝලීය රටාවන්ගේ එකිනෙක හා අන්තර් සම්බන්ධතා සහිත මෙහෙයවීම්ය. ජාත්‍යන්තර වෙළෙඳාමේ මාර්ගෝපදේශ මූලධර්ම, දැන් පදනමේ පටන්ම නැවත ක්‍රමාංකනය වෙමින් පවතී. 

තනිකර පිරිවැය කාර්යක්ෂමතාව වෙත අවධානය යොමුව තිබීම යන ගෝලීය ලක්ෂණ අලුතෙන් අවධාරණයට ලක්කොට ඇති ජාතික ආරක්ෂාව සැපයුම් දාමයට ඔරොත්තු දීම උපායමාර්ගය ස්වාධීනත්වය ආදිය සමග දැන් සමාලෝචනය වෙමින් පවතී. ව්‍යාපාර ප්‍රමුඛයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ දැනුවත් රට වැසියන්ට මෙම වෙනස්වීම පසුබිමේ පවතින යාන්ත්‍රණ සහ අභිප්‍රෙරණ වටහා ගැනීම වඩාත් වැදගත් වේ. මෙය වර්තමාන ගෝලීය වෙෙළඳාමේ ස්වභාවය, එය හැඩ ගන්වන බලවේග දෙස හෙළන වාස්තවික බැල්මකි. ඒ සම්බන්ධයෙන් මතුවන අස්ථාවර තත්වයද මෙහිදී අවධානයට ගැනේ. 

ගෝලීය තීරුබදු: 

ක්‍රමෝපායික වෙනස්වීමක්: 

2025 හමා යන ආර්ථික මාරුත ප්‍රවාහයෙන් කැපීපෙනෙන අවදානම් සහගත බවක් රැගෙන යයි. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන වර්තමාන වෙ​ෙළඳාමේ වාතාවරණය හා ඍජුව සම්බන්ධවන මන්දගාමී බවක් ඇති වෙන බවට සංඥා කොට තිබේ. 

ලෝක වෙළෙඳ  සංවිධානය (The World Trade Orgernisation – WTO) ගෝලීය භාණ්ඩ වෙළෙඳාමේ සංකෝචන විභාවතාවත් පවතින  බවට ප්‍රක්ෂේපණය කොට දක්වා (පුරෝකථනය කොට) ඇත. 

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එයම ප්‍රතිරාවය කරමින් ගෝලීය දළ දේශීය නිෂ්පාදනයේ අඩුවීමක් සිදුවෙතැයි පුරෝකථනය කරනුයේ වෙළෙඳ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව ප්‍රාථමික පසුබිමක් ලෙස උපුටා දක්වමිනි. 

මෙය තාවකාලික පසුබෑමකට වඩා පරිහානියකි. ජාත්‍යන්තර වෙෙළඳාමේ ප්‍රධාන ආර්ථික ප්‍රවේශයන්හි ක්‍රමෝපායික විතැන්වීමක් සිදුවූ ආකාරය එයින් නියෝජනය වේ. 

වෙළෙඳ ප්‍රතිපත්තියේ උන්නතිය ජාතික උපාය මාර්ගයේ මූලික උපකරණයක් ලෙස අප ඉදිරියේ දිස්වේ. දේශීය කර්මාන්තවලට සහාය දීම සඳහා එක්සත් ජනපදය ජාතික ආරක්ෂාවේ ප්‍රතිපාදන උපයෝගී කරගෙන තිබේ. 

අපනයන පාලනයක් ඔස්සේ තීරණාත්මක වාණිජ සැපයුම්දාමය පාලනය කරමින් චීනය තම ආධිපත්‍යමය ස්ථාවරය ඉහළ නංවාගෙන ඇත. යුරෝපා සංගමය කාබන් සීමා ගැළපීමේ යාන්ත්‍රණය (CBAM Carbon Border Adjustment Mechanism) (ආනයනික භාණ්ඩවල කාබන් මිල/ පිරිවැය ගණනය කිරීම) වැනි වෙළෙඳ යාන්ත්‍රණ හරහා පාරිසරික අරමුණු වෙත ළඟාවීමේ අභිප්‍රාය ඉහළ නංවාගෙන ඇත. 

තනිකර ආර්ථිකමය විචල්‍යතා ගණනය කිරීමේ සිට ගෝලීය සැපයුම් දාමයේ මූලිකාංග යලි ඇගයුම් කිරීමට යොමුවන වඩාත් භූ දේශපාලනික ගණනය කිරීමක් කරා මෙම පරිනාමණය වීම සිදුවේ. එහි ප්‍රතිඵලය වනුයේ වඩාත් බෙදී බිඳී ගිය වඩාත් මිලාධික ගෝලීය වෙළෙඳාමකට යොමු වීමයි. ඊට ඔරොත්තු දීමේ ස්වභාව ඇගයුම් කරනුයේ කාර්යක්ෂමතාව ඔස්සේය.

 එක්සත් ජනපද තීරුබදු ක්‍රමය 

 මේ බහුවිධ මුහුණුවර ප්‍රවේශය  

එක්සත් ජනපදය, එහි වෙෙළඳ අරමුණු ලුහුබැඳයාම පිණිස විවිධ නීතිමය බලාධිකාරයන් භාවිතා කරමින් සංකීර්ණ හා බහුවිධ ස්ථර සහිත තීරු බදු ක්‍රමයක් යොදාගෙන ඇත. වර්තමානයේ පවතින වාතාවරණය වටහා ගැනීමට මෙම යාන්ත්‍රණයන් අවබෝධ කර ගැනීම මූලික වශයෙන් ඉවහල් වේ. 

 චීනයට බලපාන 301  තීරුබදු අංශය 

එක්සත් ජනපද වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයක් මේ තුළ පවතී. තාක්ෂණික හුවමාරු සහ බුද්ධිමය දේපළ පිළිවෙත් සම්බන්ධ ගැටලුවලට පිළියම් යෙදීම පිණිස මෙම තීරු බදු වලින් ප්‍රබල පරාසයක වූ චීන භාණ්ඩ කෙරේ බලපෑම් කොට තිබේ. 

දිස්වෙන මතු පිටට යටින් පවතින්නා වූ ගැටලු හේතුවෙන් උපායමාර්ගික නිෂ්පාදිත ඉලක්ක කරගෙන තීරු බදු වැඩි කිරීමක් සිදුවන බව ව්‍යවස්ථාපිත සමාලෝචනයකින් නිගමනය වූයේය. විශේෂයෙන් තාක්ෂණික හා හරිත බලශක්ති අංශ ඊට අයත් විය.

ඇතැම් විශේෂිත නිෂ්පාදන 2025 අගෝස්තු 25 දක්වා ඒවායින් ඉවත් කිරීම, දීර්ඝ කිරීමට එක්සත් ජනපද වෙළෙඳ නියෝජනය තීරණය කර දුන්නේ තාවකාලික සහන සැලසීමක් ලෙසයි. ඒ අතර තීරුබදු ව්‍යුහයේ පදනම දැඩි ලෙස ස්ථාවරව පවතී. 

 232 අංශය – ජාතික  ආරක්ෂාවට අදාළ තීරුබදු 

මෙම අධිකාරිය සැලසුම්කොට ඇත්තේ ජාතික ආරක්ෂාවට තීරණාත්මකව බලපාන දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමටය. මේවා වානේ, ඇලුමිනියම් සහ වාහන ආදියට බලපානු ඇත. 2025 ජූනි 3 වැනිදා වන විට වානේ සහ ඇලුමිනියම් උදෙසා වූ තීරුබදු උදෙසා සියයට 25 සිට සියයට 50 දක්වා සැලකියයුතු වැඩිවීමක් බොහෝ වෙළෙඳ හවුල්කරුවන්ගෙන් අයකර ඇති බව පෙනේ. යාන වාහන හා ප්‍රධාන සංරචක උදෙසා සියයට 25ක තීරු බද්ධක් පැනවීම ගෝලීය වෙළෙඳපොළේ ප්‍රධාන කරුණක්ව පවතී. එක්සත් රාජධානිය සමග පැවති ද්වීපාර්ශ්‍වික ආර්ථික සමෘද්ධි ගනුදෙනුවකින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ විශේෂිත පිළිවෙළක් යෙදීම  උදෙසා සාකච්ඡා කිරීමේ සූදානමකි. කෙසේ වුවද මේ සඳහා තිබූ පොදු නිෂ්පාදන ඉවත් කිරීමේ ක්‍රියාදාමය 2025 වසරේ මුල හරියේදී නිමාවට පත් කෙරිණි. කෙසේ වුවද සංකූලතා වැඩි කිරීම බොහෝ ව්‍යාපාරවලට බරක් විය. 

 අනුපූරක තීරුබදු සිද්ධාන්තය 

එක්සත් ජනපද වෙළෙඳ ප්‍රතිපත්තියේ අතිශය වැදගත් වර්ධනීය වෙනස්කම් මේ ඔස්සේ බොහෝ සෙයින් නියෝජනය වේ. 2025 අප්‍රේල් මාසයේ නිවේදනය කොට ස්ථාපනය කරනු ලැබුණ මෙම සිද්ධාන්තයෙන් බොහෝ රටවලින් එන ආනයන උදෙසා සියයට 10ක විශ්විය තීරු බද්දක් මූලික වශයෙන් පනවනු ලැබීය. 

එක්සත් ජනපදය සමග සෑහෙන  තරමේ වෙළෙඳ අතිරික්කයක් පවත්වාගෙන යන රටවලින් වෙන වෙනම ඉහළ දමනු ලැබූ තීරුබදු මෙයින් හඳුන්වා දෙනු ලැබීය. 

මෙම ප්‍රතිපත්තිය ද්වීපාර්ශ්වික වෙළෙඳ ශේෂයත් සමග ඍජුවම සම්බන්ධ වනුයේ සම්ප්‍රදායික වශයෙන් පිළිගත් වෙෙළඳ ප්‍රතිමානවලට පටහැනිව යමිනි. රටවලට විශේෂිතව පැනවූ ඉහළ තීරුබදු දින 90කට අත්හිටුවා තිබෙන අතර මෙම ප්‍රතිපත්තිමය නීතිමය අභියෝගවලට මුහුණ දී ඇති බැවින් මෙයින් ගෝලීය වෙෙළඳ පද්ධතියේ සැලකිය යුතු අවිනිශ්චිත භාවයක් නිගමනය වී තිබේ.  

 චීනයේ ප්‍රතිවිරෝධතා  ක්‍රමාංකිත ප්‍රතිචාරයකි 

එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තියට චීනය දැක්වූ ප්‍රතිචාරය ක්ෂණික උපාය මාර්ගික හා බහු විධ ස්ථර වලින් සමන්විත වූ අතර ඊට ඍජු තීරුබදු පැනවීමේ ප්‍රතිවිරෝධතා සමග සම්මිශ්‍ර වූ තීරුබදු නොවන ක්‍රමවේද ද අමතර පරිශ්‍රමය වැඩි කිරීම උදෙසා එක් කෙරිණි. 

බෙයිජින් රජය පරිපූර්ණ තීරුබදු ක්‍රමයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවේ බොහෝ ඇමරිකානු භාණ්ඩ වලින් අයකරන තීරු බදු සෑහෙන මට්මකින් ඉහළ නංවමිනි. කෘෂිකර්මය (සෝයා බෝංචි සහ සූකර මාංශ) සහ බලශක්ති (ස්වාභාවික වායු හා ගල් අඟුරු) වැනි ඉලක්ක පරිස්සමෙන් තෝරා බේරාගෙන එක්සත් ජනපද ප්‍රධාන අංශවලට ආර්ථික පීඩනයක් නිර්මාණය වන පරිදි ඒවා සකසා තිබිණි. 

ඍජු තීරුබදු වලින් ඔබ්බට යමින් චීනය තීරණාත්මක ඛනිජ සහ භූමියෙන් උකහා ගන්නා දුර්ලභ මූලද්‍රව්‍ය ඇතුළු විශාල පරාසයක දෑ වෙලා ගනිමින් එහි අපනයන පාලන ප්‍රතිපත්ති ව්‍යාප්ත කර ගෙන ඇත. ගෝලීය සැපයුම්දාමයේ චීනයේ කේන්ද්‍රගත කාර්ය භාරය මේවායින් තවත් වැදගත් තැනකට ඔසවා තබනු ලැබීය. ඒවා කටයුතු කරනුයේ ප්‍රබල තීරුබදු නොවන උපාංග ලෙසයි. 

චීනය තවදුරටත් විශේෂිත එක්සත් ජනපද කොම්පැණි ඉලක්ක කරගෙන විශ්වාසය තැබිය නොහැකි ආයතන ලැයිස්තුවක් උපයෝගී කර ගත්තාය. ඒ සමගම විශ්වාසයට එරෙහි ගවේෂණයක්ද දියත් කොට එහි ක්‍රමෝපායේ අංගයක් ලෙස විශාල පරාසයක නියාමන උපකරණ යොදා  ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කරනු ලැබුවේය. 

පැහැදිලි ආතතියක් පැවතියද ඊට අදාළ සාකච්ඡා නැවතුනේ නැත.

2025 මැයි මාසයේ ජිනීවා නුවර පැවැති ඉහළ වට්ටමේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයෙන්ම එකටෙක කිරීමක් ලෙස මෑත කාලයේ පනවනු ලැබූ තීරු බදු දින 90කට තාවකාලිකව අත්හිටුවා ගැනුණි. කෙසේ වුවද මෙම වැඩිවීම් අඩු කිරීම 301 සහ 232 අංශවලින් පනවනු ලැබූ තීරුබදුවලට බලපානු ලැබුවේ නැත. මේවායින් කළමනාකරණය කරනු ලැබූ වෙළඳාමක මොඩලයක් වෙත පරිනාමනය වීමේ විභවතාවක් දිස්වේ. ඉහළ තීරුබදු පදනමක් ආර්ථික සබඳතාවල අඛණ්ඩව පවතින ලක්ෂණය බවට පත්වන අතර සමීක්ෂණ තීරුබදු රහිත නිදහස් වෙෙළඳාමක් වෙත නැවත යොමු වීමට වඩා ඝර්ෂණය කළමනාකරණය කිරීම කෙරේ අවධානය යොමු කිරීමට සාකච්ඡා  සිදුවේ. 

 යුරෝපා සංගමය නියාමන  සහිත මාර්ගයක් සැකසීම 

යුරෝපා සංගමය එහි නියාමන බලය සෑහෙන තරමින් ඉහළ නංවමින් විශේෂයෙන් දේශගුණික ප්‍රතිපත්ති හා කාර්මික තරගකාරිත්වය යන අංශවල එහි උපායමාර්ගික අරමුණු හඹායෑම පිණිස වෙ​ෙළඳපොළ සකසා ගනී. යුරෝපා සංගමයේ ප්‍රමුඛ වැඩපිළිවෙළ වන්නේ කාබන් සීමා ගැළපීමේ යාන්ත්‍රණයයි. 

මේ වනවිට එය සංක්‍රාන්තිමය අවධියක පසුවන අතර (CBAM) කාබන් සීමා ගැළපීමේ යාන්ත්‍රණය 2026 ජනවාරි 01 වැනිදා පටන් මුළුමනින් මෙහෙයුම් කිරීමට නියමිතය. මෙම ප්‍රතිපත්තිය සඳහා යම් ආකාරයක කාබන් තීව්‍ර භාණ්ඩ ආනයනකරුවන් (විශේෂයෙන් වානේ, සිමෙන්ති සහ ඇලුමිනියම් වැනි භාණ්ඩ) අවශ්‍ය වන්නේ යුරෝපා සංගමය සමග නිෂ්පාදනයේ යෙදුණහොත් එම භාණ්ඩ තුළ අන්තර්ගත කාබන් මිල පිළිබිඹු වන සහතිකයක් මිලදී ගැනීමටය. එහි අරමුණ කාබන් මුක්තවීම (නිකුත්වීම) වළක්වා ගැනීමයි. පාරිසරික රෙගුලාසි දැඩි නොවූ රටවලට නිෂ්පාදන යෑමේදී සහ යුරෝපා සංගමයේ නිෂ්පාදනවලට එම මට්ටමේ සාර්ථකත්වයක් නිර්මාණය කිරීම එයින් බලාපොරොත්තු වේ. කෙටියෙන්  කිවහොත් (CBAM)  කාබන් සීමා ගැළපීමේ යාන්ත්‍රණයෙන් නිර්යාත කරනු ලබන්නේ යුරෝපා සංමයේ දේශගුණ ප්‍රමිතියෙන් යුතුව එහි වෙ​ෙළඳ හවුල්කරුවන්ට ඒ හා සමාන කාබන් මිල යාන්ත්‍රණයක් ඉවහල් කර ගැනීම උදෙසා වූ බලසම්පත්ති දිරිගැන්වීම් නිර්මාණය කිරීම සඳහාය. 

ඒ හා සමාන්තර යුරෝපා සංගමය වෙළඳ ආරක්ෂණය යන ස්ථාවරයේ දැඩිව පිහිටා සිටී. එය චීනයේ නිෂ්පාදිත බැටරි විද්‍යුත් වාහන වලට ප්‍රතිකුලනය කිරීමේ තීරු බදු පනවා තිබේ. එසේ කර ඇත්තේ චීන මෝටර් රථ කර්මාන්තය තුළ රාජ්‍ය සහනාධාර පිළිබඳ විමර්ෂණයක් පදනම් කරගෙනයි. 

මෙය යුරෝපා කොමිසම විසින් ඍජුව දියත් කරන ලද සහනාධාර විරෝධය උදෙසා වූ තමන්ගේම වැඩසටහනයි. සහනාධාර තරගය ලෙස සැලකිය  හැකි කාර්මීකරණ උපාය මාර්ග වලින් ක්‍රියාකාරී ලෙස ආරක්ෂාවීමේ බ්‍රසල්ස් (ප්‍රධාන මූලස්ථානයේ) නව නැඹුරුව පිළිබඳව එයින් සන් කරනු ලැබේ. 

 සැපයුම් දාමයේ වෙනස්වන  සුළු ස්වභාවය මහා වියදම්  සහිත නැවත සකස් කිරීම් 

තීරුබදු වාතාවරණය  ගෝලීය සැපයුම්දාමය නැවත ගැඹුරෙන් සකස් කිරීමට ප්‍රබල උත්ප්‍රේරකයක් වේ. China Plus One  යන උපාය මාර්ගය න්‍යායික සංකල්පයක සිට ප්‍රායෝගික ව්‍යාපාර විධි ක්‍රියාවක් දක්වා පරිනාමය වී තබේ. 

විවිධ අංශ පුරා විහිදී ඇති කොම්පැණි සිය නිෂ්පාදන ක්‍රියාකාරී ලෙස විවිධාංගීකරණයට ලක්කොට අවදානම හා පිරිවැය අවම කිරීම හා සම්බන්ධ මූලාශ්‍රවලට යොමුවී ඇත්තේ තීරුබදු සහ භූ දේශපාලනික අස්ථාවරභාවය සමගයි. 

වියට්නාමය හා මෙක්සිකෝව ප්‍රාථමික අර්ථලභීන් ලෙස ඉස්මතුවී තිබේ. වියට්නාමය චීනය හා සැසඳූවිට ඇමෙරිකා එක්සත් ජනපදයට අඩු ශ්‍රම පිරිවැය සහ වඩාත් වාසිදායක තීරුබදු සහිත පරිසරයක් පිරිනමයි. මෙක්සිකෝව එක්සත් ජනපද වෙෙළඳ පොළට ඇති භූගෝලීය ආසන්නභාවයෙන් වාසි ලබා තිබේ. එක්සත් ජාතීන් මෙක්සිකෝ කැනඩා (USMCA) ගිවිසුමෙන්ද ඊට වෙෙළඳ වාසි ලැබේ.

කෙසේ වුවද විශාල ලෙස නැවත සකස්වීම ලාබදායි හෝ සරළ නොවන්නේය. අලුත් සැපයුම් ජාල රටා ගොඩනැගීම, අඛණ්ඩ තත්ත්ව පාලන තහවුරු කොට පවත්වා ගැනීම විවිධ නියාමන ක්‍රියාත්මක කිරීම, සම්පාදන භූමි දර්ශණ කාර්ය අතිශය වැදගත්ය. 

චීනයේ ප්‍රතිසංස්කරණ හා ගැඹුරින් එකිනෙක හා වෙළද නිෂ්පාදන පරිසර පද්ධතිය බොහෝ ගෝලීය සැපයුම් දාමයන්හි අනාගතය වෙත දිස්වන වැදගත් කොටසක් වෙයි. වර්තමාන  ප්‍රවනතාව එම නිසා තොග වෙනස්වීමක් නොව උපාය මාර්ගික වෙනස්වීමකි. 

 ආර්ථික ප්‍රතිවිපාක බැරෑරුම් 

 ඇගයුම් කිරීමක් 

මෙම නව වෙෙළඳ ප්‍රතිපදාවේ ආර්ථික ප්‍රතිවිපාක මේ වනවිට ගෝලීය  පුරෝකථනවල සහ ව්‍යාපාර මත වල පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

 ගෝලීය වර්ධනය යටපත්වීම 

 ලෝක වෙළඳ සංවිධානය (WTO) 

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල අතර පවතින පොදු සම්මුතිය නම් තීරුබදුවලින් බර පරිසරය ගෝලීය වර්ධනය සහ වෙළඳ පරිමාව ඛණ්ඩනය කරන තිරිංගයක් ලෙස ක්‍රියාකරන්නේය යන්නයි. එයින් නිර්මාණය වන ප්‍රතිපත්තිවල අවිනිශ්චිතභාව විසින් දීර්ඝ කාලීන ආයෝජන අධෛර්යවත් කිරීම හා ජාත්‍යන්තර වෙෙළදාම අධෛර්යවත් කිරීම සිදුවේ. 

 උද්ධමන පීඩනය 

පරිභෝගික  භාණ්ඩ මිල ඉහළ යාමට තීරුබදු දායක  වන බව පැහැදිලිව සාක්ෂිමාන වී තිබේ. එක්සත් ජනයා ෆෙඩරල් සංචිතය (ඇමරිකානු රාජ්‍ය බැංකුව) වැනි ආයතන විසින් කරන ලද විශ්ලේෂණ අනුව ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම හා තීරු බදු පැනවීම් අතර සෘජු සම්බන්ධතාවයක් පවතී. මෙය ගෘහස්ථ අයවැය කෙරෙහි ස්පර්ශනීය බලපෑමක් බවට පරිවර්තනය  වේ. 

ව්‍යාපාර මත බර පැටවීමේ සෑම ප්‍රමාණයේම ව්‍යාපාර වල යෙදවුම් මිල ඉහළ යාමත් ඒවායේ සැපයුම් දාමයට බාධා වීමත් සිදුවේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන්ට වැඩි වන පිරිවැය අවශෝෂණය කර යන්නට ඇත්තේ සම්පත් ස්වල්පයක් නිසාත් විශාල බහුජාතික සමාගම් හා සැසැදු විට ඒවායේ සැපයුම දාමයන්ට නැවත හැඩ ගැසීමට ඒවාට සම්පත් අඩු නිසාත් නිරතම මෙම තත්වයට නිරාවරණය වේ. 

 නව වෙ​ෙළඳ ප්‍රතිපදාව තුළ 

 කුමක් අපේක්ෂා කළ හැකිද? 

ඉදිරිය බැලූවිට ගෝලීය වෙෙළඳ භූමි දර්ශය නැවත තීරුබදු පැනවීමට පෙර  පැවැති තත්වයට පැමිණෙන සෙයක් නොපෙනේ. ජාත්‍යන්තර වෙෙළඳාමේ අලුත් සාමාන්‍ය තත්ත්වයක් ගොඩනැගෙන ප්‍රවනතා කිහිපයක් මතු වෙමින් පවතී. විශේෂයෙන් උපාය මාර්ගික වශයෙන් වැදගත් යයි සැලකෙන අංශ ඇතැම් විශේෂිත තීරු බදු ස්ථිර ඇතැම් විට ගෝලීය වෙෙළඳ පද්ධතියේ ස්ථිර හෝ අර්ධ ස්ථිර ලක්ෂණයක් බවට පත්විය හැකිය. 

වර්තමාන එක්සත් ජනපද පාලන පවතින කාලය තුළ තාක්ෂණය, හරිත  බලශක්ති සහ චීනයෙන් එන දියුණු නිෂ්පාදිත අංශවලට පැනවෙන තීරුබදු දැඩි ලෙස ස්ථාවර වන සෙයක් පෙනේ. ඒවා දීර්ඝකාලීන උපාය මාර්ග තරගයේ වැදගත් උපකරණයක් සේ දිස්වේ. පුළුල් අනුපූරක තීරු බදු වැනි වෙනත් තීරු බදු වඩාත් සාකච්ඡාවට බඳුන් විය හැකි ලෙස භාවිත වීමට ඉඩ තිබේ. වෙ​ෙළඳ හවුල්කරුවන් වෙෙළඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් සාකච්ඡා මේසයට කැඳවන ප්‍රබල මෙවලම් ලෙස ඒවා භාවිත විය හැකිය.

මෙම අලකලංචි නිමාවූ විට නව වෙළඳ ප්‍රතිපදාවන් විශ්විය  බවෙන් අඩු බහු පාර්ශ්වික ගිවිසුම් අකුලා දමන බවට බලවත් ජාතීන් අතර කළමනාකරණයට ලක්වූ සහ අනෙකුත් අතර ද්විපාර්ශ්වික හා බහුජාතික ගිවිසුම් සහිත සම්මිශ්‍රණයක් බවට පත් වීමට ඉඩ ඇත. එයින් පෙනී යන්නේ අපට  පහත සඳහන් දෑ අපේක්ෂා කළ හැකි බවයි. 

ඉහළ මට්ටමේ සාකච්ඡා නිරන්තරව පැවතීම ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වර්තමාන සාකච්ඡාවල අවධානය යොමුවී ඇත්තේ පරිපූර්ණ නිදහස් වෙෙළඳාමක් කරා සමීපවීමට වඩා පාලනයෙන් තොර වැඩිවීම් මග හරවාගෙන ඔවුන්ගේ ආර්ථික සම්බන්ධතා කළමනාකරණය කර ගැනීම පිණිසය. 

නීති සහ ප්‍රමිති කෙරෙහි අවධානය යොමු කිරීම අනාගත වෙ​ෙළඳ නීති පරිසරය හා වෙලී පැවැත්ම වැඩි වන බවට යුරෝපා සංගමයේ (CBAM) කාබන් සීමා ගැළපීමේ දර්ශකවලින් පෙනේ. එම නීති පරිසරය ශ්‍රමය බව පැහැදිලිය. මෙම තීරුබදු නොවන අවශ්‍යතා පිරිමැසීමේදී වෙෙළඳපොළ වෙත පිවිසීමට කොන්දේසි පැනවෙන බව පැහැදිලිය. 

උපාය මාර්ගික කාර්මිකරණ ප්‍රතිපත්ති අර්ධ සන්නයන බැටරි සහ ඖෂධ වැනි තීරණාත්මක අංශවල ඔවුන්ගේ දේශීය ධාරිතාව වර්ධනය කර ගැනීමට සහනාධාර තීරුබදු හා වෙනස් ප්‍රතිපත්තිමය උපකරණ භාවිත කිරීම ලෝ පුරා ආණ්ඩු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පෙනේ. 

කුඩා අපනයන මූලික ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මෙම නව පරිසරය විසින් අභියෝග මෙන්ම අවස්ථා ද පිරිනමනු  ඇත. ප්‍රධාන වෙෙළඳපොළවල තීරුබදු ප්‍රතිපත්තිවලට හුරුවීම අනිවාර්යෙන් අභියෝගයක් වේ. එක්සත් ජනපදය පැනවූ අනුපුරක තීරු බදු ඊට  උදාහරණයකි. කෙසේ වුවද අවස්ථාවක් පෑදෙනුයේ උපාය මාර්ගවල හැඩ ගැසීමේදීය. 

රටවලට තම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණයට සාර්ථක ලෙස එළඹිය හැකිය. විශේෂිත නිෂ්පාදනවල සැපයුම් දාමයට එක් විය හැකිය. අලුතෙන් මතුවන ගෝලීය ප්‍රමිතියට අනුකූලව තම නිෂ්පාදන විශේෂයෙන් හැඩගැස්වීමට රටවලට සිදුවේ. 

ව්‍යාපාරික නායකයන් සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් නිරන්තර අවධියෙන් පසුවිය යුතු ප්‍රධාන කාරණාවලට පහත දෑ අයත් වේ. 

01. එක්සත් ජනපද චීන සාකච්ඡාවල පරිනාමය 

02. යුරෝපා සංගමයේ කාබන් සීමා 

ගැලපීම (CBAM) ක්‍රියාත්මක කිරීම

03. ලෝක වෙළඳ සංගමයේ (WTO) 

ආරවුල්වල ප්‍රතිඵල 

04. සැපයුම් දාමයේ දත්ත\



අදහස් (0)

වෙළඳ යුද්ධයෙන් ඔබ්බට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 367 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 832 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site