IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දැනුම මත පදනම් වූ සංවර්ධනයෙන් ආර්ථික ව්‍යූහය වෙනස් කරන්න පුළුවන්

  • ලංකාවේ විශ්වවිද්‍යාල 5 ක ඉංජිනේරු පීඨයක්, වෛද්‍ය පීඨයක් සහ තොරතුරු තාක්ෂණ පීඨ ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය
  • ශ්‍රී ලංකාව සඳහා ADB උපාය මාර්ගික හවුල්කාරිත්වය 2024 සිට 2028 දක්වා

විමුක්ති එස් රුද්‍රිගු

ආසියානු සංවර්ධන බැංකුව රටවල් සඳහා ලබාදෙන සහාය රටින් රටට වෙනස් වන බවත් ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික හවුල්කාරිත්වය 2024 සිට 2028 දක්වා දිවයන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීත්වය ගොඩනගා ගනිමින් නවීන තාක්ෂණය මත පදනම් ඒකාබද්ධ විසඳුම් ලබාදීමට උපාය මාර්ගික හවුල්කාරීත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික හවුල්කාරිත්වයෙන් මෙරට වර්ධනය වෙමින් පවතින න්‍යාය පත්‍රයට දැනුම මත පදනම් වූ සම්පූර්ණ සහයක් ලබාදීම ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ යටතේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 5 ක පුරාවට ඉංජිනේරු පීඨයක්, වෛද්‍ය පීඨයක් සහ තොරතුරු තාක්ෂණ පීඨ ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබාදෙන බවත් එක් පීඨයක් දැනටමත් විවෘත කර තිබෙන බවත් ඔහු පැවැසුවේය. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය මත සංවර්ධනය වන පීඨ මෙරට ආර්ථිකය සංවර්ධනයට දායකවන විශ්වවිද්‍යාලවල ධාරිතාව ගොඩනැගීමට සාක්ෂියක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

එය මෙරට ආර්ථිකයට, සමාජ සංවර්ධනයට සහ පර්‌යේෂණවලට සහායක් වනු ඇති බවද කඩානෝ මහතා පැවැසුවේය. එමගින් ආර්ථික පරිවර්තනය සඳහා දැනුම් මාර්ග සිතියමක් නිර්මාණය වන බවත් තරුණ පරම්පරාව ආර්ථික පරිවර්තනයේ ප්‍රධාන සාධකයක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

දැනුම මත පදනම් වූ සංවර්ධනය මගින් ගුණාත්මකභාවයෙන් වැඩි නිෂ්පාදන සිදු කිරීම සඳහා සම්පත් යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන හා සේවා ගෝලීය වෙළෙඳපොළට ප්‍රවේශය ලබාදෙන බවත් කඩානෝ මහතා පැවැසුවේය. එමගින් හොඳ රැකියා නිර්මාණය වන බවත් ආර්ථික ව්‍යූහය වෙනස් වන බවත් කඩානෝ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

දැනුම මත පදනම් වූ සංවර්ධනයෙන් ආර්ථික ව්‍යූහය වෙනස් කරන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17682 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site