IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


භාණ්ඩ මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවෙලා

වැල්ලම්පිටියේ NEW STEP වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික 
මොහොමඩ් ජෙමිල් මොහොමඩ් ඉල්මාට්

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වැල්ලම්පිටිය වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නියුතු NEW STEP වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරිකයකුවන මොහොමඩ් ජෙමිල් මොහොමඩ් ඉල්මාට් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

ගිය වසරට සාපේක්ෂව ගත්තහම බිස්නස් සියයට පනහකින් පමණ අඩුවෙලා. වැල්ලම්පිටිය කියන්නේ වැඩිපුර මුස්ලිම් ජනතාව පදිංචිවෙලා ඉන්න ප්‍රදේශයක්. ඒ හේතුවත් එක්ක පසුගිය සිංහල අවුරුදු සීසන් එකේ සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් තිබුණේ නැහැ. පසුගිය හජ්ජි කාල සීමාවෙ වුණත් පාරිභෝගිකයෝ ඇවිත් භාණ්ඩ මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවෙලා තියෙන්නේ. 

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

මම වසර දෙකක කාලයක ඉඳන් වැල්ලම්පිටියේ බිස්නස් කරන්නේ. අපි තොග වශයෙන් පාවහන් අරගෙන ඇවිත් තමයි බිස්නස් එක කරගෙන යන්නේ. අපි බිස්නස් එක පටන්ගත්ත කාලේ පාරිභෝගිකයෝ උත්සව සමයක් එද්දී හරි උනන්දුවෙන් ඇවිත් පාවහන් මිලදී ගෙන ගියා. එහෙත් දැන් පාරිභෝගිකයෝ උනන්දුවෙන් ඇවිත් භාණ්ඩයක් මිලදී ගෙන යන්නේ නැහැ. 

භාණ්ඩවල මිලේ ලොකු වෙනසක් වෙලා නැහැ. පසුගිය කාල සීමාවේ පැවති මිල ගණන් යටතේම තමයි පාවහන් මිල ගණන් තිබෙන්නේ. පාරිභෝගිකයන්ගේ අතමිට සරු නොවීම තමයි මේ බිස්නස් අඩුවීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ. වෙළෙඳපොළ තුළ පාවහන් මිලදී ගැනීමට විවිධ අවස්ථා තිබීම තවත් පසකින් බිස්නස් අඩුවීමට බලපා තිබෙනවා. 

මනීෂා වීරසිංහ
ඡායාරූපය - සුමුදු හේවාපතිරණ

 



අදහස් (0)

භාණ්ඩ මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site