IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ඇරැඹේ

සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහනදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාරවලට දියුණුවට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. 

සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය යනු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ව්‍යාපාරික ආයෝජනයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම සඳහා ලැබෙන සහනදායී මූල්‍ය විසඳුමකි. මෙමගින් තිරසාර සංකල්පය ප්‍රවර්ධනය වන අතරම ව්‍යාපාරවල කාබන් පියසටහන (Carbon Footprint) අවම වේ. මේ ඔස්සේ රටේ තිරසාර බලශක්ති ඉලක්ක ළඟා කරගැනීමට දායක වන අතරම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල මූල්‍යමය ශක්‍යතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සෙලාන් බැංකුවේ අරමුණ වී ඇත. 

සිය බලශක්ති වියදම් සහ කාබන් විමෝචනය අවම කරගැනීමට බලාපොරොත්තු වන ව්‍යාපාරවලට මෙම සූර්ය බලශක්ති ණය පහසුකම භාවිත කළ හැකි වේ. මෙමගින් කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට තම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීමට හැකිවනු ඇත. ඉහත සඳහන් ක්ෂේත්‍රවලට අයත් ව්‍යාපාරවලට මෙම සූර්ය බලශක්ති ණය ක්‍රමය යටතේ රු. මිලියන 100 ක් දක්වා නම්‍යශීලී ණය පහසුකම් ලබාගත හැකි වේ. ණය ලබාගන්නා සමාගම්වලට මුල් වසර 5 තුළ සියයට 11.0 ක ස්ථාවර වාර්ෂික පොලියක් සමගින් ඉතිරි වසර දෙක සඳහා අවම සියයට 9.0 ක මූලික වාර්ෂික පොලියක් සහිතව AWPLR+1.0% ක මාසික විචල්‍ය පොලී අනුපාතයක් තෝරාගත හැක. මෙම ණය පහසුකම ආපසු ගෙවීම සඳහා වසර 7 ක කාලයක් හිමිවීම මෙම ව්‍යාපාරවලට සුවිශාල සහනයක් වනු නිසැකය. 

කෘෂිකාර්මික, නිෂ්පාදන, තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අපනයන (වෙළෙඳ ව්‍යාපාර ඇතුළුව) යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට සෙලාන් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාරක ප්‍රාග්ධන ණය පහසුකම ලබාගත හැකි වේ. මෙහි අවම ණය මුදල රු. මිලියන 25 ක් වන අතර උපරිම ණය මුදල රු. මිලියන 100 කි. ආපසු ගෙවීමේදී ප්‍රථම වසරේ වාර්ෂික පොලී අනුපාතය සියයට 9.5 ක් වන අතර, ඉතිරි වසර දෙක සඳහා AWPLR+1.0% ක මාසික විචල්‍ය පොලී අනුපාතයක් තෝරාගත හැක.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල හදිසි මුදල් අවශ්‍යතා සපුරාලීමෙන් එම ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වීම සඳහා මෙම ණය ක්‍රමය යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

“සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස, ජනතාවටත් ව්‍යාපාරවලටත් දියුණුව සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන සරල මූල්‍යමය විසඳුම් පිරිනැමීමට අප සෑමවිටම උත්සාහ කරනවා. අප සෙලාන් සූර්ය බලශක්ති ණය සහ සෙලාන් කාරක ප්‍රාග්ධන ණය පහසුකම හඳුන්වා දුන්නේ, අපගේ සුපුරුදු මෙහෙවර යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වන අතරම, සමස්තයක් ලෙස රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයට හිතකර වන අයුරින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමේ අරමුණිනුයි.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවසීය.



අදහස් (0)

සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site