IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පසුබෑම ආවරණය කරගෙන කොටස් වෙළෙඳාම ඉදිරියට

කලින් දිනයේ සිදුවූ වාර්තාගත පසුබෑම එක දිනයක් තුළ ආවරණය කරගන්නට සමත් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (ජූනි 24) ගනුදෙනුවලදී සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කළේය. මධ්‍යහ්නය දක්වා ගනුදෙනු ඉතා ඉහළ උනන්දුවක පැවැති අතර, එක්තරා අවස්ථාවක සියලු කොටස් මිල දර්ශකය ඒකක 510 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. එහෙත් දිනයේ අවසාන පැය තුළ විකිණීමේ ප්‍රවණතාවක් පැවැතිණ. වෙළෙඳපොළ සම්බන්ධ විශ්වාසය හා ලාබ ඉපැයිය හැකි තත්වය ආයෝජන අංශවල අවධානය දිනාගෙන ඇත.
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,191.20 ක් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 425.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,133.90 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 142.70 වර්ධනයක්සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,209.51 ක් විය. කොටස් මිලියන 235.0ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 24,449 කි. සමාගම් 251 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 13 කි. දිනය තුළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 151 ක වර්ධනය කැපී පෙනේ.
විදේශීය ගනුදෙනු සහභාගීත්වය සලකා බලන පසු තරමක සක්‍රීයභාවයක් තිබුණු අතර, විකිණීමේ ගැනීමේ ප්‍රවණතාවක් විය. මිල දී ගැනීම් රුපියල් මිලියන 153.8 ක් වූ අතර, විකිණීම් රුපියල් මිලියන 195.1 කි. ජනශක්ති රක්ෂණ සමාගම කොටසකට රුපියල් පහක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ගෙවන ලාභාංශ රුපියල් 16.60 ක් බව දැක්වේ. සියපත ෆිනෑන්ස් රුපියල් මිලියන තිහක ණයකරයක් නිකුත් කර ඇත.
ජෝන් කීල්ස් රුපියල් මිලියන 323ක්, පෑන් ඒෂියා රුපියල් මිලියන 238ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 208 ක්, හැටන් නැෂනල් ෆිනෑන්ස් රුපියල් මිලියන 207 ක්, සම්පත් රුපියල් මිලියන 193 ක්, ඩිප් ප්‍රඩක්ට් රුපියල් මිලියන 189 ක්, හේලීස් රුපියල් මිලියන 144 ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 140 ක්, වැලිබල් වන් රුපියල් මිලියන 138 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 136 ක්, ඩී.එෆ්.සී.සී. රුපියල් මිලියන 126 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 119 ක්, එල්.වී.එල් එනර්ජි රුපියල් මිලියන 118 ක්, පෑන් ඒෂියා පවර් රුපියල් මිලියන 111 ක් සහ රීල් ප්‍රොපටි රුපියල් මිලියන 108 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
නිරීක්ෂක



අදහස් (0)

පසුබෑම ආවරණය කරගෙන කොටස් වෙළෙඳාම ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site