IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සංචාරක සංවර්ධන අධිකාරියේ අක්කර 3,000ක් ආයෝජකයන්ට

  • කල්පිටියේ පිහිටි බත්තලන්ගුන්ඩුව සහ උච්චමුණයි දූපත් දෙකක් ඒ අතර 
  • වසර 33ක කාලයකට ව්‍යාපෘති සඳහා ඉඩම් බදු දීමේ සූදානමක් 
  • ව්‍යාපෘති යෝජනා ජාතික ප්‍රමුඛතාවලට ගැළපෙන ලෙස ඉදිරිපත් විය යුතුයි 

භානුක අමරසිංහ 
සංචාරක සංවර්ධන අධිකාරිය සතු සංචාරක ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ හැකි උසස් හැකියාවක් ඇති කලාපවල පිහිටි අක්කර 3000ක් පමණ වන ඉඩම් ප්‍රමාණයක් දිගු කාලීන බදු පදනමක් මත ලබාදීමට කටයුතු සකස් කෙරී ඇතැයි එම අධිකාරිය පවසයි. 
 
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක සංචාරක ආයෝජන සබඳතා ඒකකය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව මෙම කටයුතු සිදු කෙරෙන බව පසුගියදා සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි. 
 
ඒ අනුව බෙන්තොට ජාතික නිවාඩු නිකේතන කලාපයේ පිහිටි අක්කර 24කට අධික ඉඩම් කැබලි කිහිපයක්, කුච්චවේලි වෙරළ නිවාඩු නිකේතන කලාපයේ සුදු වැලි සහිත ප්‍රදේශයක අක්කර 74 ක ඉඩම් කැබලි, කල්පිටියේ පිහිටි අක්කර 291ක බත්තලන්ගුන්ඩුව සහ අක්කර 1095ක උච්චමුණයි විශාල දූපත් දෙක, පාසිකුඩා නිවාඩු නිකේතනයේ අක්කර 6.5ක වෙරළ බඩ ඉඩමක්, දෙද්දුව ලේක් නිකේතන කලාපයේ අක්කර 1,713 ක ඉඩමක්, පිදුරංගල බුලනයයායේ අක්කර 19ක භූමි ප්‍රමාණයක්, ත්‍රිකුණාමලයේ රසුල් කෝට්ටම් හි අක්කර 40ක පමණ ඉඩම් කැබලි, ත්‍රිකුණාමලයේ ඇලස් ගාඩන්හි අක්කර 4ක පමණ ඉඩම් කැබලි යනාදිය මෙලෙස ආයෝජන සඳහා ඉදිරිපත් කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 
 
“මෙම ඉඩම් සියල්ලම සංචාරක යෝග්‍යතාව සහ පාරිසරික අනුකූලතාව සඳහා තක්සේරු කෙරුණු ඉඩම්, මේවා තුළ තරු පන්තියේ හෝටල්, පරිසර නිවාඩු නිකේතන, සුවතා නිවාඩු නිකේතන, බුටික් දේපළ, ත්‍රාසජනක ලැගුම්හල්, කෘෂි සංචාරක නිෂ්පාදනවල සිට MICE සංචාරක ව්‍යාපාරය සහ ඒකාබද්ධ සංචාරක මධ්‍යස්ථාන යනාදිය ඉදිකිරීමේ හැකියාවක් පවතිනවා.“ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියෙහි ආයෝජන සබඳතා ඒකකය හරහා එම ව්‍යාපෘති අනුමත කිරීම, බලපත්‍ර, යටිතල පහසුකම් ප්‍රවේශය, උපයෝගිතා සේවා සහ පාරිසරික නිෂ්කාශන ඇතුළුව සම්පූර්ණ ආයෝජන පහසුකම් සලසා දෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. 
 
“අපි ඉදිරියේදී මෙම ඉඩම් සඳහා වන කැමැත්ත ප්‍රකාශ කිරීම (EOI) සම්බන්ධ දැන්වීම් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කරනවා. 

ඒ හරහා දේශීය සහ විදේශීය ආයෝජකයන් මේ සඳහා ගෙන්වා ගැනීම අරමුණයි.” යනුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේය. 

මෙහිදී වසර 33 ක බදු කාලයකට අදාළ ආයෝජන සඳහා එම ඉඩම් ලබාදීම සැලසුම වන අතර, එම බදු කාලය නැවත අලු‍ත් කිරීම එකඟතාව වෙයි. එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන පහසුකම් වෙතද එම සුදුසු ආයෝජකයන් යොමු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

“මීට පෙර කාලවලදී වගේ ආයෝජන ව්‍යාපෘතිවලට ඉඩම් අරගෙන ආයෝජනය සිදු නොකර ඉන්න බැහැ. අපි ඒ ගැන විමසිලිමත්ව ඉඳලා මෙහෙයුම් ක්‍රියාත්මක නොවන ව්‍යාපෘතිවල ඉඩම් නැවත පවරා ගැනීමක් සිදු කරනවා. 

ඒ වගේම මේ ඉදිරිපත් වන ආයෝජන ව්‍යාපෘති යෝජනා සියල්ලම ජාතික ප්‍රමුඛතාවලට ගැළපෙන ලෙස තිරසරභාවය, ප්‍රජා සහභාගිත්වය සහ අගය මත පදනම්ව සකස් විය යුතුයි.“ ඔහු අවධාරණය කළේය. 

මෙම ඉඩම් පිළිබඳ තොරතුරු “ඉඩම් බැංකු කළමනාකරණ තොරතුරු පද්ධතිය‘ නමැති මාර්ග ගත පද්ධතිය ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව landbank.sltda.gov.lk වෙත පිවිස එම තොරතුරු ලබා ගත හැකිය. මෙම පද්ධතිය මගින් ඉඩම් හිමියන් වෙත සිය ඉඩම් මෙම ඉඩම් එකතුව වෙත එක් කිරීමටත්, ආයෝජකයන්ට සුදුසු ඉඩම් සොයා ගැනීමටත් අවස්ථාව ලබා දෙයි. 

මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් ඉඩම් හිමිකාරීත්වයන් දරන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමගින් සහයෝගයෙන් කටයුතු කරන බවත් පවසයි.



අදහස් (0)

සංචාරක සංවර්ධන අධිකාරියේ අක්කර 3,000ක් ආයෝජකයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site