IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බ්ලැක්ස්ටෝන් ශ්‍රී ලංකාවේ ඇල්ටෙයාර්හි අලෙවි නොවූ නිවාස සියල්ල මිලදී ගනී


භානුක අමරසිංහ 


එක්සත් ජනපදයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ අලෙවි නොවුණු නිවාස ඒකක සියල්ල මිලදී ගැනීමට පියවර ගත් බව වාර්තා වෙයි. වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ අලෙවි නොවූ නිවාස ඒකක හිමිව තිබී ඇත්තේ ඉන්දියාවේ කල්කටාහි පිහිටි සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් සමාගමටයි.  

බ්ලැක්ස්ටෝන් සමාගම පසුගියදා මෙම සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් සමාගමට අයත් කල්කටාවේ පිහිටි සවුත් සිටි මෝල් සුපිරි සාප්පු සංකීර්ණය ඉන්දියානු රුපියල් බිලියන 32.5 කට මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ. මේ අතරින් ඉන්දියානු රුපියල් බිලියන 27ත් - 28ත් අතර මුදලක් සවුත් සිටි මෝල් මිලදී ගැනීමටත්, ඉන්දියානු රුපියල් බිලියන 4ත් 5ත් අතර මුදලක් ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ නිවාස ඒකක මිලදී ගැනීමටත් බ්ලැක්ස්ටෝන් සමාගම වෙන්කර තිබෙන බව ඉන්දියානු මාධ්‍ය පවසයි.

මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතිය සිරස්ව පිහිටුණු මහල් 68කින් සහ ඇලව පිහිටුණු මහල් 63කින් යුත් කුලු‍ණු දෙකකින් සමන්විත වෙයි. එහි ඇති සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 404 කි. ඒ අතරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් එය විවෘත කෙරුණු අවස්ථාව වනවිටත් අලෙවි වී තිබුණු බව පැවසුණි. 

එක්සත් ජනපදයේ බ්ලැක්ස්ටෝන් සමාගම මීට පෙරද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වෙත ආයෝජනය කර ඇති අතර, 2021 වසරේදී ඉන්දියාවේ ඡඨඡ ඨක්ි සමාගම හරහා ශ්‍රී ලංකාවේ පිරාමාල් ග්ලාස් සිලෝන් පිල්සී සමාගමේ සියයට 78ක ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට එම සමාගම පියවර ගෙන තිබේ. බ්ලැක්ස්ටෝන් සමාගම සතු වත්කම්හි වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.1කි.



අදහස් (0)

බ්ලැක්ස්ටෝන් ශ්‍රී ලංකාවේ ඇල්ටෙයාර්හි අලෙවි නොවූ නිවාස සියල්ල මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site