IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළෙදපොළේ S & PSL20 දර්ශකය අද සිට වෙනස් වෙයි

  • ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා ඉවතට, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි ඇතුළට 

 භානුක අමරසිංහ 

කොළඹ කොටස් හුවමාරුවේ S&P Sri Lanka 20 දර්ශකය අද (23) දිනයේ සිට වෙනස් වීමකට ලක් වන බව එම හුවමාරුව පවසයි. S&P Dow Jones Indices විසින් සිදුකළ 2025 අර්ධ වාර්ෂික සමාලෝචනයෙන් පසු දර්ශක සැකසීමට අනුව මෙම වෙනස් කම් සිදුව තිබේ. 

ඒ අනුව 2025 ජූනි 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම මෙමS&PSL20 දර්ශකයෙන් ඉවත් කෙරී ඇති අතර, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී ඊට ඇතුළත් කෙරී තිබේ. 
 
මෙම S&PSL20 දර්ශකයට CSE හි ලැයිස්තුගත කර ඇති ද්‍රවශීලතා සහ මූල්‍ය ශක්‍යතා සීමා සපුරාලන සහ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම් 20 ඇතුළත් වෙයි. 
 
මෙම දර්ශකයට ඇතුළත්වීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චරිත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබිය යුතු අතර, මාස හයක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට අඩු නොවිය යුතුය. එසේම නැවත සංසන්දනය කරන දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාබ උපයා තිබීමද අවශ්‍ය වෙයි.



අදහස් (0)

කොටස් වෙළෙදපොළේ S & PSL20 දර්ශකය අද සිට වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site