IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


DFCC බැංකුව iConnect 2.0 අරඹයි

  • ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකු සේවා යෙදවුමක්

DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගත්තේය. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය වැඩිදියුණු කර තිබේ. නව iConnect 2.0 යෙදවුමට මුදල් කළමනාකරණ සේවා සහ වෙළෙඳ සේවා ඒකාබද්ධ කරන TradeConnect නම් විශේෂ ආනයන සහ අපනයන ආශ්‍රිත බැංකු සේවා විශේෂාංගයක්ද ඇතුළත් කර ඇත. 

සාමාන්‍ය ඩිජිටල් බැංකුකරණ සේවාවලින් ඔබ්බට යන DFCC iConnect 2.0 නිර්මාණය කර ඇත්තේ සියලු‍ම කාණ්ඩවලට අයත් සමාගම් හා සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවල කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. එමගින් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය කටයුතු සරලව සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබේ. සාමාන්‍ය දෛනික බැංකු සේවා සහ සංකීර්ණ වෙළෙඳ මූල්‍ය සේවා එකම ද්වාරයක් තුළට කේන්ද්‍රගත කිරීමෙන් ව්‍යාපාරවලට වඩාත් ඉහළ කාර්යක්ෂමතාවකින් හා විනිවිදභාවයකින් යුතුව තම මූල්‍ය සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වී ඇත. 

“DFCC බැංකුව ඩිජිටල් බැංකුකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශයට පදනම් වී ඇත්තේ සේවා විශිෂ්ටත්වය, සරලත්වය සහ විශ්වාසනීයත්වය යන මූලධර්ම තුනයි. අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් නොනැවතී, ඔවුන්ට සාර්ථකත්වය කරා යාමට උපකාරී වන ආකාරයට DFCC iConnect 2.0 සේවාව වැඩිදියුණු කිරීමට පියවර අප ගත්තා. තම මූල්‍ය කටයුතු වඩාත් හොඳ පාලනයකින් යුතුව සිදුකිරීමේ හැකියාව, ජංගම දුරකථන ඔස්සේ ක්ෂණිකව අනුමැතිය ලබාදීමේ හැකියාව සහ කඩිනම් පාරිභෝගික සහය සේවාවක් ඇතුළු විශේෂ ලක්ෂණ රැසකින් සමන්විත මෙම සේවාව සැලසුම් කර ඇත්තේ සංකීර්ණතා අවම කරමින් භාවිත කිරීමේ පහසුව වැඩිදියුණු වන ආකාරයටයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී සොහන්ත විජේසිංහ මහතා පැවසීය. 

Multi-tiered approvals, Group-level access, Customisable alerts, Real-time dashboards, සහ Mobile transaction authorisations ඇතුළු විශේෂාංග රාශියක් DFCC iConnect 2.0 සේවාවට ඇතුළත් වී ඇත. එමෙන්ම DFCC iConnect 2.0 සඳහා ලියාපදිංචි වීමේදී සහ එය භාවිත කිරීමේදී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබාදීම සඳහා වෙනම පාරිභෝගික සම්බන්ධාතා කණ්ඩායමක් යොදවා තිබේ. 

TradeConnect හඳුන්වා දීම යනු DFCC iConnect 2.0 සේවාව පරිපූර්ණ ඩිජිටල් ව්‍යාපාරික සේවා එකතුවක් බවට පත් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. ණයවර ලිපි, ආනයන හා අපනයන ණය සහ දේශීය හා ජාත්‍යන්තර බැංකු ඇපකර ඇතුළු වෙළෙඳ මූල්‍ය සේවා රැසක් මීට ඇතුළත් කර ඇති අතර, Advance Payments, Open Accounts, Documents Against Payment (DP) සහ Documents Against Acceptance (DA) ඇතුළු ගෙවීම් ක්‍රම රැසක් එහිදී භාවිත කළ හැක. මේ සියල්ල සැලසුම් කර ඇත්තේ මුද්‍රිත ලිපිලේඛන වෙනුවට ඩිජිටල් ලේඛන ඉදිරිපත් කිරීමෙන් තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකි වන පරිද්දෙනි.



අදහස් (0)

DFCC බැංකුව iConnect 2.0 අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site