IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සංචරාක ජාතික සන්නාමකරණය ප්‍රසම්පාදනයෙන් පමාවන ලකුණු

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්

  • නොවිසඳුණු නියාමන සහ ක්‍රියා පටිපාටිමය බාධක කීපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක්
  • ගෝලීය ප්‍රවර්ධන සහකරුවන් සමග 2024 වසරේදී පසුගිය රජය විසින් අත්සන් කරන 
  • ලද ගිවිසුම්වලින් නිසි ප්‍රයෝජනය ලබාගෙන නෑ
  • එළැඹ ඇති ගිවිසුම් සමාලෝචනය කිරීමට බලය ඇත්තේ ප්‍රසම්පාදන කමිටුවට
  • එළැඹෙන සතිවලදී නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

විමුක්ති එස් රුද්‍රිගු සහ භානුක අමරසිංහ


මෙම වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීමටත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, අත්‍යාවශ්‍ය කරුණක් ලෙස පාර්ශ්වකරුවන් පෙන්වා දුන්, එළැඹෙන 26 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ”‍ජාතික සන්නමකරණ වැඩසටහන”‍ නොවිසඳුණු නියාමන සහ ක්‍රියා පටිපාටිමය බාධක කීපයක් හේතුවෙන් බොහෝ දුරට ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

සැලසුම් කළ පරිදි එළැඹෙන 26 වැනිදා එම සන්නාමකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමක් ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ අවසන් දිනයක් මේ වනවිටත් පසුවී ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මතුවූ නියාමන සහ ක්‍රියාපටිපාටිමය බාධක හේතුවෙන් අවසන් දිනය පසුවන තෙක්ම එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ සියලු‍ පාර්ශ්වකරුවන් බලා සිටි ‘‘ජාතික සන්නාමකරණ වැඩසටහන”‍ නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩක් නොලැබෙනු ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

 ‘‘ජාතිය සන්නාමකරණ වැඩසටහන”‍ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිනට සති තුනකට පෙර එනම් පසුගිය 6 වැනිදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර, එහි සඳහන්ව තිබුණේ රාජ්‍ය නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, සංචාරක විශේෂඥයන් සහ අමුත්තන් එකම වේදිකාවකට ගෙන එමින් මෙරට සංචාරක කර්මාන්තය ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීම සඳහා වන සුවිශේෂී ‘‘ජාතියේ සන්නාමකරණ වැඩසටහනක්”‍ එළැඹෙන 26 වැනිදා ක්‍රියාත්මක කරන බවයි.

එම නිවේදනය නිකුත් කර සති 2 කට පසුව පසුගිය 20 වැනිදා සංචාරක සංවර්ධන අධිකාරිය මෙලෙස ප්‍රකාශ කළේය.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය ප්‍රවර්ධන සහකරුවන් සමග 2024 වසරේදී පසුගිය රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම්වලින් නිසි ප්‍රයෝජනය ලබාගෙන නොමැති බවත්, එම ගිවිසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය අවශ්‍ය වුවත් තවමත් එම කමිටුව අනුමැතිය ලබාදී නොමැති බවත් රණසිංහ මහතා පැවැසුවේය.

එළැඹ ඇති ගිවිසුම් සමාලෝචනය කිරීමට බලය ඇත්තේ එම ප්‍රසම්පාදන කමිටුවට බවත්, එහි අනුමැතිය නැතිව සංචාරක සංචර්ධන අධිකාරියට ‘‘ජාතියේ සන්නමකරණ වැඩසටහන”‍ ඉදිරියට රැගෙන යා නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය 19 වැනිදා ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටුව රැස්වී තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බවත්, 20 වැනිදා වනවිට ජාතියේ සන්නාමකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකිද, නොහැකිද යන්න පැහැදිලිව දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් මහාචාර්යවරයා පැවැසුවේය.

එම රැස්වීමේදී නව ටෙන්ඩර කැඳවීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කළහොත් සැලසුම් කර පරිදි ජාතියේ සන්නාමකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලැබී වර්තමාන ගිවිසුම් සමග ‘‘ජාතියේ සන්නමකරණ වැඩසටහන”‍ ඉදිරියට රැගෙන යාමට නොහැකි වුවහොත් එය අධීක්ෂණය කිරීම සඳහා වෙනමම විශේෂඥ කමිටුවක් පත් කිරීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. එහිදී විශේෂඥ කමිටුවේ නිර්දේශ සලකා බලමින් මසක් ඇතුළත සන්නාමකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් පසුගිය සතියේදී බුසාන් නුවරදී පැවැත්වූ බවත්, එළැඹෙන සතිවලදී නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සිදු කරන බවද ඔහු පැවැසුවේය.

එහිදී ජාත්‍යන්තර උපාය මාර්ගවලට අනුකූල සන්නාමකරණ වැඩසටහනක අවශ්‍යතාව පෙන්වා දුන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කර සිටියේ, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඕනෑම මොහොතක සන්නාමකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබුණත් ඉන් ප්‍රතිඵලය වෙනස් වනු ඇති බවයි.

එළැඹෙන 26 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ‘‘ජාතික සන්නාමකරණ වැඩසටහන”‍ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ, සන්නාම ලාංඡනයක් නිර්මාණය කිරීම, සන්නාම මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සහ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම ඇතුළු සැලකිය යුතු වැඩ කොටසක් අවසන් කර ඇති නමුත් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවයි.

මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ගෙන්වා ගැනීමේ සහ සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් ඉපැයීමේ රජයේ අභිලාශකාමී ඉලක්කය සපුරා ගැනීම සඳහා ‘‘ජාතිය සන්නමකරණ වැඩසටහනක්”‍ අත්‍යාවශ්‍ය බව සංචාරක කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ මතය විය.

ඡායාරූප - සමීර විජේසිංහ



අදහස් (0)

සංචරාක ජාතික සන්නාමකරණය ප්‍රසම්පාදනයෙන් පමාවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 178 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 163 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site