IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


2025 පළමු කාර්තුවේදී රාජ්‍ය පරිපාලන ක්‍රියාකාරකම් පහළට

  • සේවා ආර්ථික කටයුතුවල සියයට 2.8 ක වර්ධනයක්
  • රක්ෂණ සේවා සියයට 17.4 ක, මූල්‍ය සේවා සියයට 14.6ක, නවාතැන් සහ ආහාර පාන සැපයීම් සියයට 14ක වර්ධනයක්

භානුක අමරසිංහ 

මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට සේවා ආර්ථික කටයුතු සියයට 2.8 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. අදාළ කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියි. 

මෙහිදී රාජ්‍ය පරිපාලන ක්‍රියාකාරකම් හැර අනෙකුත් සේවා ආර්ථික කටයුතු සියල්ලම මෙම පළමු කාර්තුව තුළදී ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම විශේෂත්වයකි. 

ඒ අනුව රක්ෂණ සේවා සියයට 17.4 ක, මූල්‍ය සේවා සියයට 14.6ක, නවාතැන් සහ ආහාර පාන සැපයීම් සියයට 14ක, තොරතුරු තාක්ෂණ සේවා සැපයිම් සියයට 6.2ක, තැපැල් හා කුරියර් සේවා සියයයට 4.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

එසේම දේපළ වෙළෙඳාම් කටයුතු සහ නිවාස අයිතිය සියයට 2.1ක, වෘත්තීය සේවා සියයට 1.7ක, තොග හා සිල්ලර වෙළෙඳාම සියයට 1.2ක, වැඩසටහන් සම්පාදනය හා ගුවන් විදුලි විකාශන කාර්යයන් සියයට 1.2ක, අනෙකුත් පෞද්ගලික සේවා සියයට 0.7ක, සෞඛ්‍ය සේවා සියයට 0.5ක හා අධ්‍යාපනය සියයට 0.4 ක ලෙස වර්ධන වේගයක් වාර්තා කර තිබේ. 

කෙසේ වෙතත් මෙම පළමු කාර්තුව තුළ “රාජ්‍ය පරිපාලන“ ක්‍රියාකාරකම්වල පෙන්නුම් කර ඇත්තේ සියයට 2.9ක ඍණ වර්ධනයකි. 

මේ අතර 2025 පළමු කාර්තුව තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා සේවා අංශයේ දායකත්වය සියයට 57.4ක් ලෙස සටහන්ව තිබේ. 



අදහස් (0)

2025 පළමු කාර්තුවේදී රාජ්‍ය පරිපාලන ක්‍රියාකාරකම් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site