IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Shine Dental Care නිර්මාතෘට වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා BWIO සම්මානය

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයකු වන Shine Dental Care ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ දී පැවැත්විණි.

Facebook, Instagram, Tik Tok වැනි සමාජ මාධ්‍ය ජාලවල අතිශයින් ජනප්‍රිය සේනානායක මහතා ප්‍රසිද්ධ වී ඇත්තේ ‘Dr Shine’ යන අන්වර්ථ නාමයෙනි. Cosmetic Dentistry සහ Implantology යන අංශ පිළිබඳ විශේෂඥයකු වන ඔහු සුහුරු, නවීන සහ රෝගියා කේන්ද්‍ර කරගත් සේවා තුළින් ශ්‍රී ලාංකික දන්ත වෛද්‍ය ප්‍රමිති ඉහළ නැංවීමට කැප වී සිටී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය (BDS) ලබා ඇති ඔහු මෙහෙයවන Shine Dental Care ආයතනයේ ශාඛා කෑගල්ලේ, (බුලත්කොහුපිටිය පාර), මාවනැල්ලේ (රෝහල පාර) සහ රඹුක්කන (රෝහල පාර) පිහිටා තිබේ. සේනානායක මහතා මීට පෙර ද දෙස් විදෙස් සම්මාන රැසක් ලබා තිබේ.



අදහස් (0)

Shine Dental Care නිර්මාතෘට වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා BWIO සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site