ත්රිකුණාමලය - අමදෝරු අමරජීව
කන්තලේ ප්රදේශයේ කාන්තාවන් ඉලක්ක කර “කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය රටේ දියුණුවට” යන තේමාව යටතේ ස්වයංරැකියා වෙළෙඳ ප්රදර්ශනයක් කන්තලේ ප්රාදේශීය සභා භූමියේදී පැවැත්වුණි.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන වැඩසටහන යටතේ පවත්වනු ලැබූ මෙම වෙළෙඳ ප්රදර්ශනයෙන් කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නංවමින් නව වෙළෙඳපොළ අවස්ථා සඳහා කාන්තාවන්ගේ නිෂ්පාදනවලට අවස්ථාව උදාකර දෙමින් අලෙවියට ගැනුම්කරුවන් මුණගැස්සවීම මෙම වෙළෙඳ ප්රදර්ශනයේදී සිදු කෙරිණි.
කන්තලේ ප්රාදේශීය සභාව විසින් මෙම ස්වයංරැකියා වෙළෙඳපොළ සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd