
කොමර්ෂල් බැංකුවේ Prestige Banking සේවාව හඳුන්වා දීමේ අවස්ථාවේදී, බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන්, කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග, විධායක අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුණසිංහ යන මහත්වරු කොළඹ 07, ආර්. ජී. සේනානායක මාවතේ පිහිටි, නව මුහුණුවරකින් යුතුව ප්රතිසංස්කරණය කරන ලද කොමර්ෂල් බැංකු Prestige Banking මධ්යස්ථානය විවෘත කළ අවස්ථාව.
ශ්රී ලංකාවේ ඉහළ මූල්ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද Prestige බැංකුකරණ ක්රමවේදය හඳුන්වා දීමත් සමග කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ.
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස තම උපරිම හැකියාව සහ ධාරිතාවය එක්ව නිර්මාණය කෙරුනු මෙම මුලපිරීම මගින් විශේෂ මූල්ය සේවා ලබා දීමේ නව නිර්ණායකයක් පිහිටුවන බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ මෙම Prestige වැඩසටහනෙන් ගනුදෙනුකරුවන්ගේ ව්යාපාරික සහ වත්කම වර්ධනය උදෙසාම විශේෂයෙන් නිර්මාණය කරන ලද පරිපූර්ණ සේවා පද්ධතියකි. එමගින් ඔවුන් සඳහාම විශේෂයෙන් සැකසූ බැංකු හා මූල්ය සේවා, උපායමාර්ගික ධනය හා ආයෝජන කළමනාකරණය, විශේෂඥ උපදේශන සේවා, මනාව හැඩගස්වන ලද ජීවන රටා වරප්රසාද සහ අර්ථවත් ප්රතිලාභ යන සියල්ල සමගිින් ගනුදෙනුකරුවන්ව පුද්ගලික බැංකුකරණ සේවා ඉහළ මානයකට ගෙනයාමට අපේක්ෂා කරයි.
කොමර්ෂල් බැංකුවේ දැනට පවතින පුද්ගලික බැංකුකරණ සන්නාමය වන Elite වැඩසටහන පරිවර්තනය කර ස්තර තුනකින් Prestige වැඩසටහන, ගනුදෙනුකරුවන්ගේ වඩාත් සංකීර්ණ නව මූල්ය, ධනය හා ජීවන රටා අවශ්යතා වෙනුවෙන් ම විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.
කොළඹ 07, ආර්. ජී. සේනානායක මාවතේ පිහිටි බැංකුවේ ප්රධාන Prestige බැංකුකරණ මධ්යස්ථානය කේන්ද්ර කරගනිමින් දියත් වන මෙම නව්ය බැංකුකරණ අත්දැකීම බාධාවකින් තොරව ශ්රී ලංකාව පුරා විහිදි ගනුදෙනුකරුවන් වෙත ළඟා කරවීමට, නව පෙනුමකින් යුක්තව, දිවයින පුරා ආර්ථික වශයෙන් වැදගත් ප්රධාන නගර වෙත ද ව්යාප්ත කරන බව බැංකුව ප්රකාශ කළේය.
Prestige හි ව්යුහයේ ඉහළින් ම ප්රමුඛ පෙළේ ඉහළ මූල්ය ශක්තියක් සහිත ගනුදෙනුකරුවන් සඳහා වෙන්කර ඇති Diamond ස්ථරය සහ Sapphire සහ Ruby ස්තර වලින් මෙම සේවාව සමන්විත වේ. මෙම ස්තර තුනේ ව්යුහය මගින් ඉතා උසස් මට්ටමේ සේවාවන් බලාපොරොත්තු වන පිරිසට අදාළ සුවිශේෂීතාව එම මට්ටමේ පවත්වා ගනිමින්, එක් එක් සේවාදායකයාගේ බැංකු සම්බන්ධතාවය හා වත්කම්වලට වඩාත් ම ගැලපෙන ලෙස වරප්රසාද හැඩගැස්වීමට හැකි වන බව බැංකුව පවසයි.
ප්රධාන ප්රතිලාභ වර්ග පහක් මත ගොඩනගා ඇති Prestige ප්රමුඛ බැංකුකරණය ජීවන රටා වරප්රසාද සහ ත්යාගවලට වඩා බොහෝ සෙයින් ඔබ්බට යන ඒකාබද්ධ අත්දැකීමක් නිර්මාණය කරයි. Prestige ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ බැංකුව සමග වඩාත් පරිපූර්ණ සම්බන්ධතාවක් ලබා දීම සඳහා මෙම ප්රතිලාභ නිර්මාණය කර ඇති අතර ඒ තුලින් එදිනෙදා බැංකුකරණය සහ ආයෝජන තීරණ පමණක් නොව වත්කම් සංරක්ෂණය, උරුම සැලසුම්කරණය, පවුල් අවශ්යතා, ව්යාපාරික අවශ්යතා සහ තෝරාගත් ජීවන රටාවලට අදාල යන අවශ්යතා ද ඇතුළත් වන බව බැංකුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd