සොෆ්ට්ලොජික් සමූහයට අයත් ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම ඒකාබද්ධ කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි.
මෙම ඒකාබද්ධ කරගැනීමෙන් අනතුරුව ඉදිරියට සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලෙස එය මෙහෙයුම් පවත්වාගෙන යාමට නියමිතව තිබේ. කෙසේ වෙතත් අදාළ ඒකාබද්ධවීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්රික් අධිකරණයේ අනුමැතිය ලැබිය යුතුව තිබෙන බවත්, එම අනුමැතිය හිමිවීමෙන් අනතුරුව සහ සමාගම් රෙජිස්ට්රාර්වරයාගේ සඳහන් කිරීමෙන් අනතුරුව බොහෝ විට 2027 ජනවාරි 01 වැනිදා හෝ වෙනත් දිනෙකදී මෙම ඒකාබද්ධවීම බලාත්මක වනු ඇති බවත් සමාගම පවසයි.
ආලියාන්ස් සමූහය යටතේ ක්රියාත්මක වූ ආලියාන්ස් ලයිෆ් ජිවිත රක්ෂණ සමාගම (Allianz Life Insurance Lanka Limited) 2025 ජූලි මාසයේදී සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව, එම ව්යාපාරය මෙලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ලෙස නම් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd