- නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ පිරිවැය තරගකාරීත්වය සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්වයක්
නිමල කොඩිතුවක්කු
රජයේ මුද්රණ නීතිගත සංස්ථාව රාජ්ය - පෞද්ගලික හවුල්කාරිත්වයකින් උපාය මාර්ගිකව විවිධාංගීකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
1968 වර්ෂයේදී පිහිටුවන ලද රජයේ මුද්රණ නීතිගත සංස්ථාව පාසල් පෙළපොත්, රජයේ නිල ප්රකාශන සහ රාජ්ය ආයතනවල ලේඛන මුද්රණය කිරීමේ ප්රධාන රාජ්ය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි.
මෑත වසරවලදී අඛණ්ඩව මූල්ය ලාභ වාර්තා කර ඇතත්, රජයේ මුද්රණ නීතිගත සංස්ථාව සතුව පවතින යන්ත්රෝපකරණ දිරාපත් වීම සහ මුද්රණ තාක්ෂණය යල් පැන ගොස් තිබීම හේතුවෙන් එහි නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ පිරිවැය තරගකාරීත්වය සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්වයක් උද්ගත වී තිබේ.
එම කරුණු සැලකිල්ලට ගෙන, රජයේ මුද්රණ නීතිගත සංස්ථාව නවීන තාක්ෂණයෙන් මෙහෙයවන උසස් ආරක්ෂක මුද්රණ ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා ‘Smart Print Initiative’ නමින් උපාය මාර්ගික විවිධාංගීකරණ වැඩසටහනක් ක්රියාත්මක කිරීමේ යෝග්යකාව හඳුනාගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd