
- පේරාදෙණිය විශ්වවිද්යාලයේ අධ්යාපන යටිතල පහසුකම් නවීකරණයට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සි වෙතින් රුපියල් මිලියන 40ක්
තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ජාතියක් ගොඩනැගීම සහ සංවර්ධනය කිරීමේ සිය දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින්, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB විසින් පේරාදෙණිය විශ්වවිද්යාලයේ CDB Elevate AI Zone නිල වශයෙන් විවෘත කිරීම පසුගියදා සිදුකෙරුණි. ප්රධාන සේවාදායක කාමරයක්, පරිගණක විද්යාගාරයක්, උසස් තාක්ෂණික පරිගණකවලින් සමන්විත කෘත්රිම බුද්ධි (AI) විද්යාගාරයක් සහ අංග සම්පූර්ණ සම්මන්ත්රණ ශාලාවකින් සමන්විත මෙම නවීන ඒකකය සඳහා CDB වෙතින් රුපියල් මිලියන 40ක ආයෝජනයක් සිදු කර තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ අධ්යාපනික යටිතල පහසුකම් යළි ස්ථාපිත කරමින් හා නවීකරණය කරමින් සිදුකළ මෙම වැඩසටහනෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන් 15,000කට අධික පිරිසකට ප්රතිලාභ සැලසී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශ්වවිද්යාලයේ පැවති තොරතුරු තාක්ෂණ විද්යාගාරයට සැලකිය යුතු හානි සිදුවීම හේතුවෙන්, සිසුන්ට අත්යාවශ්ය පරිගණක පහසුකම් වෙත ප්රවේශ වීම සීමා වී තිබුණි. සිසුන්ගේ අධ්යයන කටයුතු සඳහා තීරණාත්මක අවස්ථාවක ඇතිවූ මෙම තත්වය හඳුනා ගනිමින් CDB විසින් එම පහසුකම් යළි ගොඩනැංවීමට සහ අවශ්ය උපකරණවලින් විශ්වවිද්යාලය නැවත සවිබල ගැන්වීමට ඉදිරිපත් විය.
මෙම ව්යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් CDB ප්රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා මෙසේ සඳහන් කළේය. “CDB හී අප විශ්වාස කරන්නේ ලංකාවේ අනාගතය වෙනුවෙන් සිදු කළ හැකි සුවිශේෂී ආයෝජනයක් වන්නේ අධ්යාපනය සඳහා සිදුකරන ආයෝජනයනයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන් දහස් ගණනකගේ ඉගෙනුම් පරිසරයට බාධා එල්ල වූ අවස්ථාවේදී, අහිමි වූ දේ යළි ස්ථාපිත කිරීමෙන් ඔබ්බට ගොස් වඩාත් යහපත් දෙයක් නිර්මාණය කිරීමට අවශ්ය බව අපි දුටුවා.
“CDB Elevate AI Zone යනු අවශ්ය අවස්ථාවලදී අපගේ ප්රජාව සවිබල ගැන්වීමට සහ ගොඩනැගීමට CDB සතු අඛණ්ඩ කැපවීමේ පිළිබිඹුවකි. එමෙන්ම, අනාගත පරපුරට සාර්ථකව ඉදිරියට යාම සඳහා අවශ්ය ඩිජිටල් සහ AI තාක්ෂණික දැනුම, මෙවලම් සහ අවස්ථා ලබාදීම සඳහා අප දරන කැපවීමද මෙය තවදුරටත් තහවුරු කරයි.”
CDB සමාජීය වගකීම් සහිත උපායමාර්ගික මූලිකාංග යටතේ, ප්රජා සංවර්ධනයට දායකත්වය ලබාදෙන ක්ෂේත්ර ක්රියාත්මක වන අධ්යාපනය හා සාක්ෂරතා සංවර්ධනයේ කොටසක් ලෙස CDB Elevate AI Zone ස්ථාපිත කර තිබේ.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd