කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වයංරැකියාවලින් ජීවිතය ජය ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට ස්වයංරැකියා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ගල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරාගත් ස්වයංරැකියාලාභීන්ට මෙලෙස ස්වයංරැකියා උපකරණ ලබාදීම සිදු කෙරිණ.

මේ අවස්ථාව සඳහා ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සහ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් පියුමලී ලියනගේ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.