IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහමග වෙළෙඳාමට පණදෙන දිරිය ළියෝ

බිම්මල් වගාකොට ඇති අන්දම

බුල්නෑව ප්‍රදීප් රණතුංග 

හිරු උදාවීමට මත්තෙන් දවස අරඹා රෑ නින්දට යන තෙක් අතෝරක් කටයුතු අතරේ දවස ගෙවන කාන්තාවෝ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ද විවිධ රැකියාවල යෙදෙමින් පවුලට සවියක් වීමට වෑයම් කරති. අව්, වැසි උහුලමින්, දූවිලි ආදි කරදර දරාගනිමින් මහ මගට වී දිවි සටනට පණ දෙන දිරිය කතුන් ද කොතෙකුත් වෙති. ඇතැමෙක් කුඩා වෙළෙදාමක යෙදෙමින් දවසේ වියදම සෙවීමට වෑයම් කරති. තවකෙකු කුමන හෝ ස්වයං රැකියාවක් ඒ සදහා තෝරාගෙන තිබේ. කිසිවකුගේ හෝ නිසි හව්හරණක් නොවීමෙන් ඔවුහු විවිධ දුෂ්කරතාවලට පත්ව සිටිති. මේ මහ මග වෙළෙදාමෙහි නියුතු වැව්බැදි රට එවැනි ළියන් කිහිපදෙනකු සමග කළ කතාබහක සටහන්ය. 

අනුරාධපුර, තලාව, තම්මැන්නාපුර පදිංචි ජීවන්ති ප්‍රියංගිකා බිම්මල් නිෂ්පාදනය කරමින් ජීවිත සටනට එක්ව සිටින්නීය. ස්වයංව අධ්‍යනය කොට සොයා ගත් තොරතුරු ඇසුරෙන් ඇය බිම්මල් නිෂ්පාදනයට යොමුව සිටින්නීය. නිවස පසෙක ඉදිකළ ආරක්ෂිත කුටියක බිම්මල් වගාකොට ඉන් ලැබෙන අස්වැන්න මහ මගට ගෙනවිත් අලෙවි කර දවසේ වියදම සොයන්නීය. මසකට රුපියල් විසිදහසක පමණ ආදායමක් උපයන බව ඇය පවසන්නීය. ඇය කීවේ මෙවැනි කතාවකි. 

ආදායමක් හොයන්න මොනවද කරන්නේ කියලා හිත හිතා ඉන්න කොට මං පත්තරේක දැක්ක බිම්මල් වගා කරන විස්තරයක්. ඊට පස්සේ ඒ ගැන තව විස්තර තියෙන පොතක් හොයාගෙන කියවලා වැඩේ පටන් ගත්තා. ගෙදර ඉඩමේ පැත්තකට වෙන්න පොඩියට මඩුවක් හදලා වගාව පටන් ගත්තා. වැඩේ හරි ගියා. මමම පැකට් කරලා ගේ ඉස්සරහා පාරේ තියාගෙන විකුණනවා. අස්වැන්න වැඩිවෙනකොට තඹුත්තේගම මාකට් එකටත් දානවා. සමහර පොඩි එළවළු කඩ කරන කට්ටියත් ගෙදරට හොයාගෙන ඇවිල්ලා අරගෙන යනවා. මට මේක දියුණු කරගන්න මොනව හරි උදව්වක් ලැබෙනවා නම් ලොකු අස්වැන්නක්, ආදායමක් ගන්ඩ පුළුවන්. 

තුරු සෙවණකට වී මහ මග වෙළෙදාමේ යෙදී සිටින චමිලා ලාළනි ද තවත් දිරිය කතකි. ඇය මිහින්තලය, කුමාරසිරිගම පදිංචි තැනැත්තියකි. ඇය තල්කොළවලින් සියතින් නිෂ්පාදනය කෙරෙන වට්ටි, පෙට්ටි, ගමන් මළු, මල් වට්ටි ආදි නිර්මාණ මහ ගම තබා අලෙවි කරන්නීය. එමෙන්ම ඇය තල් හකුරු ආදි නිෂ්පාදන දැමීම සදහා තල් කොළ මගින් කුඩා ඇසුරුම් නිෂ්පාදනය කරන්නීය. මේ සියල්ලකින් ඇයට ඇත්තේ ඉතා කුඩා ආදායමකි. 

ලොකු වෙළෙදාමක් නෑ මෙතැන. ඇත්තම කිව්වොත් සමහර දවස්වලට රුපියල් සීයක්වත් නැතිව ගෙදර යනවා. ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය මේ පොඩි වෙළෙදාම විතරයි. පොඩි කඩ කෑල්ලක් වත් තියෙනවා නම් පිළිවෙළකට මේ වෙළෙදාම කරන්ඩ පුළුවන්. දැන් ගස් යටයි පාරවල් අයිනෙයි ඉදගෙන මේ වෙළෙදාම කරන්නේ. හකුරු දාන්න ගන්න පොඩි තල් කොළ පෙට්ටි වියළා දීලා ආදායමක් හොයා ගන්නවා. මේ වට්ටි, පෙට්ටි, මළුවලට එහෙම ලොකු ඉල්ලු‍මක් නෑ. අපි කොච්චර අඩුවට දුන්නත් පාරේ ඉන්න කොට කවුරුවත් ගනන් ගන්නේ නෑ.”

වට්ටි, පෙට්ටි, ගමන් මළු ආදි තල්කොල නිෂ්පාදන

“හත්ථිකුච්චි” විහාර ආරාම සංකීර්ණය අනුරාධපුරයේ අටමස්ථානය වැදීමට‍ යන ගමනේ දී තඹුත්තේගම නගරයට මදක් ඔබ්බෙන් මුණගැසෙන පුරාවිද්‍යා භූමියකි. මෙම භූමිය තුළට වී ජීවනෝපාය සරි කිරීමට වෙහෙසෙන කාන්තාවෝ පිරිසක්ද වෙති. පලතුරු, එළවළු, අත්කම් නිර්මාණ, ඕලු‍, නෙලු‍ම් මල් ආදිය අලෙවි කරමින් ඔවුහු එදිනෙදා ජීවිතය ගෙනයෑමට වෙහෙසෙති. එහෙත් මෙහි පැමිණෙන දෙස්, විදෙස් සංචාරකයන් අවම වීම හේතුවෙන් ඔවුනගේ ජීවන තත්වයද පහත වැටී තිබේ. මෙම භූමියේ ඉදිකොට ඇති කුඩා අලෙවි සල් පෙළක් ද තිබේ.  එවැනි වෙළෙදසලකට වී සියතින් වියන ගමන් මලු‍ ආදි විසිතුරු අත්කම් නිර්මාණ විකිණීමට වෙහෙසෙන ඩබ්ලිව්.එම්. කුසුමාවතී මහත්මිය මෙසේ පැවසුවාය. 

අපි මෙතැනට වෙලා හිටියට ලොකු ආදායමක් නෑ. මෙතැන ප්‍රාදේශීය සභාවෙන් හදපු කඩ කෑලි පනහක් විතර තියෙනවා. ඒවයින් වැඩි හරියක් වැහිලා තියෙන්නේ. අපි කීපදෙනෙක් විතරයි දැන් මෙතැන මේ කඩ ඇරගෙන ඉන්නේ. ආදායමක් නැතිව නිකං ඉන්න එකේ තේරුමක් නැති නිසා ගොඩක් අය මෙතැනට එන්නේ නෑ. මෙතැන දියුණු කෙරුවොත් මේ ගම්වල මිනිස්සුන්ට හරි වටිනවා. මොනව හරි ‍වෙළෙදාමක් කරගෙන ආදායමක් හොයාගන්න පුළුවන්. මිනිස්සු ආවේ නැත්නම් අපිටත් සිද්ද වෙන්නේ මේ කඩ වහලා දාලා ගෙවල්වලට වෙලා ඉන්න තමයි. 

මේ කිසිවකුත් සහනාධාර ඉල්ලන්නේ නැත. ඔවුන්ගේ ආයාචනය වී ඇත්තේ සිය කුඩා ව්‍යාපාර දියුණු කිරීම සදහා යම් සහනයක්, වැඩපිළිවෙළක් සකසන ලෙසය. 

තල් කොළ පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙමින්

හකුරු අසුරණ තල් කොළ ඇසුරුම්

මහ මග විකිණෙන බිම්මල්

බිමිමල් නිෂ්පාදන



අදහස් (0)

මහමග වෙළෙඳාමට පණදෙන දිරිය ළියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site